Breaking
සෝහිත නා හිමි ධුරයෙන් යති
WorldLankadeepa

සෝහිත නා හිමි ධුරයෙන් යති

July 20, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් රාමඤ්ඤ මහ නිකායේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
  2. 02ඉල්ලා අස්වීම 11 වැනිදා විහාරස්ථානයේ පැවැති විශේෂ රැස්වීමේදී ප්‍රකාශයට පත් කර ඇත.
  3. 03සෝභිත හිමියන් 14 කාලයක් මෙම ධුරය ධාරිතාව කළහ.
  4. 04නායකත්ව තනතුරක් ජීවිත කාලය පුරා ගෞරව නාමයක් නොවේ යයි සඳහන් කළා.
  5. 05නොසැලකිය යුතු සීමිත කාලසීමාවක් තියෙන බව ද සෝභිත හිමියන් ප්‍රකාශ කළහ.

(විමුක්ති. එස්. රුද්‍රිගු)

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත.

සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේ පසුගිය 11 වැනිදා පැවැති රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාත් මහා සංඝ සභාවේ විශේෂ රැස්වීමක දී සෝහිත හිමියෝ සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ.

ඕමල්පේ සෝහිත හිමියෝ 2012 වසරේ සිට වසර 14 කාලයක් රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය ​ෙහබවූහ.

විශේෂ සංඝ සභා රැස්වීමට ආරම්භ වීමට පෙර සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් ඕමල්පේ සෝහිත හිමියන් ප්‍රකාශ කර සිටියේ භික්ෂු සමාජය තුළ ලැබෙන නායකත්ව තනතුරක් කිසිම විටක ජීවිත කාලය පුරා ගෞරව නාමයක් හෝ වරප්‍රසාදයක් හෝ ලෙස නොසැලකිය යුතු බවයි.

සංඝ සමාජය තුළ සෑම නායකත්ව තනතුරකටම ඊට නියමිත සීමිත කාලසීමාවක් තිබිය යුතු බවත් එම කාල සීමාවේ දී තනතුරට අදාළ වගකීම් සියල්ල ඉටු කිරීමට නායකත්ව තනතුර බරා ගන්නා අය කටයුතු කළ යුතු බවත් ආචාර්ය සෝහිත හිමියන් එහිදී ප්‍රකාශ කර ඇත.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/සහත-න-හම-ධරයන-යත/101-695181
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
බික්ෂුනායකත්වයසංඝවිහාරස්ථානයහිමියන්
BestWeb.lk Top Web 2026 June Qualified