Breaking
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
WorldNews19

2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

July 20, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලංකාවේ 2025 GIT විභාග ප්‍රතිඵल නිකුත් කර තිබේ.
  2. 02මුළු අයදුම්කරුවන් 200,235 දෙනෙකු ලියාපදිංචි වී ඇත.
  3. 03පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 199,598 ක් වේ.
  4. 04විභාගය 1,669 මධ්‍යස්ථාන රැසක පැවැත්විණි.
  5. 05147,407 සිසුන් විභාගයට පෙනී සිටියහ.
  6. 06ප්‍රතිඵල ලබාගැනීම සඳහා නිළ වෙබ් අඩවි භාවිතා කළ හැක.
  7. 07ශ්‍රේණි ලේඛන බාගත කිරීම සඳහා විවිධ ක්‍රමවේද තිබේ.
  8. 08විමසීම් සඳහා විභාග දෙපාර්තමේන්තුවේ දුරකථන අංක ලබාදී ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රතිඵල අද (20) දින නිකුත් කර තිබෙනවා. මෙවර විභාගය සඳහා මුළු අයදුම්කරුවන් 200,235 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර, ඒ අතරින් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 199,598 ක්. පෞද්ගලික අයදුම්කරුවන් 637 දෙනෙකු ද ඊට ඇතුළත් විය. දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 1,669 කදී සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 ක අධීක්ෂණය යටතේ පැවැත්වුණු මෙම විභාගය සඳහා මෙවර සිසුන් 147,407 දෙනෙකු පෙනී සිට තිබෙනවා. අයදුම්කරුවන්ට තමන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන http://www.doenets.lk සහ http://www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකියි. ලබන ජූලි 23 වෙනිදා සිට පහත සඳහන් ක්‍රමවේද ඔස්සේ ප්‍රතිඵල සටහන් බාගත කර ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවියේ ‘Personal Account Login’ හරහා තමන්ගේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ප්‍රතිඵල සටහන (Results Schedule) බාගත කරගත හැකියි. විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය (User Name) සහ මුරපදය (Password) භාවිත කර, https://onlineexams.gov.lk/eic හි ‘School Account Login’ වෙත පිවිස අදාළ පාසලේ මුළු ප්‍රතිඵල ලේඛනයම බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගත හැකිය. සියලුම පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ද තමන්ගේ කලාපයට අදාළ ප්‍රතිඵල ලේඛන බාගත කර ගැනීම සඳහා පරිශීලක නාම සහ මුරපද ලබා දී තිබෙනවා. මෙම විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් පවතී නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම් දෙනවා. ක්ෂණික ඇමතුම් අංකය: 1911 දුරකථන අංක: 011284208 / 0112784537 / 0112785922 ෆැක්ස් අංකය: 0112784422

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/2025-git-exam-results-released/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
GITවිභාගශිෂ්‍යයින්ප්‍රතිඵලඅධ්‍යාපනය
BestWeb.lk Top Web 2026 June Qualified