Breaking
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ: මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
WorldNews19

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ: මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

July 20, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රේෂ්ඨාධිකරණය විභාගය නොකිරීමවල් තීන්දු කළා.
  2. 02පෙත්සම්කරු ශාන්ත ජයතිලකයි.
  3. 032015 ලිංගිකත්වය වෙනස් කිරීමට නීති විරෝධී ලෙස හඳුන්වා ඇත.
  4. 04විනිසුරු මඩුල්ලේ ප්‍රීති පද්මන්සූරසේන යකය.
  5. 05අද වනවිට නීතිය උල්ලංගනාවක් ලෙස තීන්දු කර ඇත.

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළා. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින්. මෙම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. පෙත්සම්කාර ශාන්ත ජයතිලක මහත අධිකරණය හමුවේ කියා සිටියේ, 2015 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ අනුව මනෝ වෛද්‍ය නිර්දේශ මත සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට ඉඩ දී ඇති බවත්, මෙය නීති විරෝධී බවත්, එලෙස ලිංගිකත්වය වෙනස් කරන අයට අලුතින් උප්පැන්න සහ හැඳුනුම්පත් නිකුත් කිරීම ද සම්පූර්ණයෙන්ම වැරදි බවයි. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ යුත්තේ අදාළ සිදුවීම වී මාසයක් ඇතුළත බවත්, පෙත්සම්කරු අභියෝගයට ලක් කරන්නේ 2015 සිට 2024 දක්වා නිකුත් වූ චක්‍රලේඛ වුවත්, ඔහු නඩු පවරන්නේ 2026 වසරේදී බවයි. ඒ අනුව මෙම නඩුකරය කාලය ඉක්මවා ගොස් ඇති බැවින් එය නිෂ්ප්‍රභ කරන ලෙසද ඔහු ඉල්ලා සිටියා. අතරමැදි පෙත්සම්කාර ආචාර්ය රාධිකා කුමාරස්වාමි ඇතුළු පිරිස වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ, පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කළ 2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත බලරහිත කරන ලෙසත්, කථානායකවරයා අත්සන් තැබූ දින සිට එය රටේ වලංගු නීතියක් වන අතර, එවැනි පනතක් බලරහිත කිරීමට නියෝග නිකුත් කිරීම ජනතා පරමාධිපත්‍යයට පටහැනි බවයි. කාන්තා මාධ්‍ය එකමුතුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එරෙහිව පෞද්ගලිකව නඩු පැවරිය නොහැකි බවත්, එවැනි නඩුවකදී වගඋත්තරකරු කළ යුත්තේ නීතිපතිවරයා බවයි. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව වගඋත්තරකරුවෙකු කිරීම නීති විරෝධී බවද ඔහු සඳහන් කළා. මෙම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/what-happened-to-the-case-challenging-the-law-on-sex-change-through-surgery-the-supreme-courts-decision/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
නීතියලංගනයපුද්ගලික අයිතිවාසිකම්
BestWeb.lk Top Web 2026 June Qualified