Breaking
පුද්ගලයෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල කිරීමේ සිද්ධියකට වැරදිකරුවන් වූ 5 දෙනෙකුට ගම්පහ මහාධිකරණයෙන් මරණ දඬුවම...
WorldNewsfirst

පුද්ගලයෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල කිරීමේ සිද්ධියකට වැරදිකරුවන් වූ 5 දෙනෙකුට ගම්පහ මහාධිකරණයෙන් මරණ දඬුවම...

July 18, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ගම්පහ දිසාවේ මරණ දඬුවම නියමකොට තිබේ.
  2. 02අත්තනගල්ලේ මරණය වූ පිරිසට එරෙහි චෝදනා.
  3. 032001 ඔක්තෝබර් 31 වැනිදා සිදුවා සිටී.
  4. 04කඩා වැදී පහරදී මිනිසා ඝාතනය විය.
  5. 05දත්ත පිළිබඳ සංඛ්‍යාත නඩු විමර්ශනය.
  6. 062011 දී ඇල්පිටියේ පුද්ගල ඝාතනයකට ඇතුළු විය.
  7. 07සමතාණ්ඩුව මාහාධිකරණය විසින් නියමිතය.

එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ, ගම්පහ පූර්වගාමී විනිසුරු රශ්මි සිංගප්පුලි විසිනි.

එලෙස මරණ දඬුවම නියම වූයේ අත්තනගල්ල, වෙළගෙදර පදිංචිකරුවන් පස් දෙනෙකුටයි.

2001 ඔක්තෝබර් මස 31 වැනිදා රාත්‍රී නිට්ටඹුව, දියකාවිට, වෙළගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී, එහි සිටි පිරිසට ගල් හා පොලුවලින් පහරදී , කඩුවලින් කොටා තරුණයෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම ඔවුන්ට එරෙහි චෝදනා වේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් විනිසුරුවරයා විසින් එලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවේ ය.

මේ අතර ඇල්පිටියේදී 2011 වසරේදී පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ දෙදෙනකුට බලපිටිය මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ ය.

එලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවේ, වහුම්පුරගේ තිලක් පුෂ්ප කුමාර හා වීරතුංග චමින්ද යන දෙදෙනාටයි.

වසර 15ක් පමණ දීර්ඝ කාලයක් පුරා පැවති එම නඩු විභාගයේ තීන්දුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/18/පුද්ගලයෙකු-ඝාතනය-කර
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
මරණ දඬුවමනඩු විභාගචෝදනාඅතරමංගරුඝාතනය
BestWeb.lk Top Web 2026 June Qualified