Breaking
2001 වසරේ පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනෙකුට ගම්පහ මහාධිකරණයෙන් මරණ දඬුවම
WorldNewsfirst

2001 වසරේ පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනෙකුට ගම්පහ මහාධිකරණයෙන් මරණ දඬුවම

July 18, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ගම්පහ මහාධිකරණයෙන් මරණ දඬුවම නියමිත විය.
  2. 02අත්තනගල්ල වෙළගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන් පසක්ට ප්‍රතින්ධීය විය.
  3. 032001 ඔක්තෝබර් 31 වැනිදා ඝාතනයක් සිදු විය.
  4. 04නිවිසියෙකුට තුවාල හා ඝාතනය කළාට චෝදනා පැමිණිලි විය.
  5. 05නඩු විභාගයෙන් චෝදනා සැකයකින් තොරව ඔප්පු විය.

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ගම්පහ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි විසිනි.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ අත්තනගල්ල, වෙළගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙකුටයි.

2001 වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා රාත්‍රියේ නිට්ටඹුව, දියකාවිට, වෙළගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී, එහි සිටි පිරිසට ගල් හා පොලුවලින් පහරදී, කඩුවලින් කපා කොටා තරුණයෙකු ඝාතනය කිරීම සහ තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනා වේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින්, විනිසුරුවරයා විසින් ඔවුන්ට මෙම මරණ දඬුවම නියම කරනු ලැබීය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/18/2001-වසරේ-පුද්ගල-ඝාත
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
මරණ_dඩුනීතිමයඅත්තනගල්ල
BestWeb.lk Top Web 2026 June Qualified