Breaking
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා බොරැල්ලේදී...
WorldNewsfirst

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා බොරැල්ලේදී...

July 18, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01පොලීසිය, දේහය බොරැල්ලේ මල් ශාලාවක තැන්පත් කරන බවයි.
  2. 02හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මියයයි.
  3. 03පොලීසිය 10 කට අධික පිරිසකින් ප්‍රකාශ සටහන් කරගනිමින් ය.
  4. 04විමර්ශනයක් බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය භාරයයි.
  5. 05මාලබේ පොලියටත් විමර්ශන සිදුකරනු ලබයි.
  6. 06සී.ඩී වික්‍රමරත්න වයස 63 ක්දී මියගියේය.

පොලීසිය සඳහන් කළේ, දේහය හෙට (19) සිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන බවයි.

මේ අතර හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් 10 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසුරිය, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් ලබාදුන් විශේෂ නියෝගයකට අනුව බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ මාලබේ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින්ද විමර්ශන සිදුකරනු ලබයි.

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඊයේ (17) උදෑසන වෙඩි වැදී මියගියේ ය.

මිය යන විට සී .ඩී වික්‍රමරත්නගේ වයස අවුරුදු 63 ක්.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/18/හිටපු-පොලිස්පති-සී-ඩ
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
පොලිස්හැදැමීමමියපතවිමර්ශනවැඩපිළිබඳ
BestWeb.lk Top Web 2026 June Qualified