
පසුගිය අඟහරුවාදා අලුයම එලෙස මියගියේ 25 හා 39 හැවිරිදි වියේ පසුවන බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකි.
එම ගැටුමින් මීට පෙර මියගිය බන්ධනාගාර නිලධාරින් 8 දෙනා සඳහාද උසස් වීම් ලබා දෙනු ලැබුවේ ය.
ඒ අනුව දෙවන පෙළ ජේලර් ලෙස කටයුතු කළ නිලධාරියෙකු පළමු පෙළ ජේලර්වරයෙකු ලෙසත් අනෙක් බන්ධනාගාර නියාමකවරුන් සැරයන් තනතුරටත් උසස් කරනු ලැබුවේ ය.
පසුගියදා මීගමුව බන්ධනාගායේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් අතර හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු හා රැඳවියන් 21දෙනෙකු මියගොස් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
