Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
උසස් පෙළ කල් දැමීමේ පෙත්සමට රජයෙන් දැඩි විරෝධයක්: පෙත්සම්කාර සිසුවෙක්ගේ පැමිණීම 7.2%යි
ScienceNews19

උසස් පෙළ කල් දැමීමේ පෙත්සමට රජයෙන් දැඩි විරෝධයක්: පෙත්සම්කාර සිසුවෙක්ගේ පැමිණීම 7.2%යි

July 17, 2026·3 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අපොස උසස් පෙළ විභාගය කල් දමන ලෙස පෙත්සමක් ගොනු කෙරුණා.
  2. 02ආගමනික තීන්දුව ජූලි 23 දි ප්‍රකාශයටපත් වේ.
  3. 03පෙත්සම්කාරයින් 378,000 ක් ලියාපදිංචි වී ඇත.
  4. 04විනිසුරු මඩුල්ල අධිකරණයට කරුණු සම්පූර්ණ කිරීමට නියෝග කළා.
  5. 05විභාගය කල් දමන ආගන්තුකයන්ට අසාධාරණයක් සිදුවන බවක් පෙන්වා දුන්නා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන ජූලි 23 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා. මෙම වසරේ උසස් පෙළ විභාගයට පළමු සහ දෙවන වරට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් නව දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (16) මෙම පෙත්සම සලකා බලනු ලැබුවා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට අනුව නිසි පරිදි පැවැත්විය යුතු පාසල් දින ගණන මෙවර සම්පූර්ණ වී නොමැති බවයි. ‘දිට්වා’ සුළි කුණාටුව සහ රට තුළ පැවති ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාදා දිනවල පාසල් නිවාඩු දීමට රජය ගත් තීරණ නිසා අධ්‍යයන කටයුතුවලට බාධා මතු වූ බව ඔහු පෙන්වා දුන්නා. මෙවන් පසුබිමක ලබන අගෝස්තු මාසයේදී සැලසුම් කර ඇති පරිදි විභාගය පැවැත්වුවහොත් සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවන බැවින්, දැනට නිකුත් කර ඇති විභාග කාලසටහන බලරහිත කර විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියා. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා මෙම ඉල්ලීමට දැඩි ලෙස විරෝධය පළ කළා. මෙවර විභාගය සඳහා සිසුන් 378,000 ක් පමණ ලියාපදිංචි වී සිටින බවත්, ඉන් නව දෙනෙකු පමණක් විභාගය කල් දමන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළා. විභාගයට පෙනී සිටීම සඳහා 80%ක පාසල් පැමිණීමක් අවශ්‍ය වුවද, මෙම පෙත්සම්කාර සිසුන් අතරින් එක් අයෙකුගේ පැමිණීම 7.2%ක් තරම් අවම මට්ටමක පවතින බවත්, අනෙක් අයගේ පැමිණීමද 50% – 53% වැනි සීමාවල පවතින බවත් සොලිසිටර් ජනරාල්වරයා හෙළි කළා. නිසි ලෙස පාසල් නොපැමිණි සිසුන් පිරිසක් තමන්ට කාලය මදි බව පැවසීම පදනම් විරහිත බවත්, විභාගය කල් දැමුවහොත් සමස්ත සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇතුළු අනාගතය අවුල් වන බවත් ඔහු පැවසුවා. ඒ අනුව, පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කිරීමක් සිදු කර තිබෙන බවත් ඔවුන් අධිකරණයට පැමිණ තිබෙන්නේ පිරිසිදු දෑතින් නොවන බවත් මෙහිදී සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළා. දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, මෙම නඩුවට අදාළ ලිඛිත දේශන පවතින්නේ නම් ඒවා ලබන සඳුදාට පෙර ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියම කළා. ඒ අනුව, මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීන්දුව ලබන ජූලි 23 වනදා ප්‍රකාශයට පත් කෙරනු ලබනවා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරිය, අධ්‍යාපන ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/government-strongly-opposes-petition-to-postpone-a-level-exam-petitioner-students-attendance-was-7-2/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
සහයෝගයඅධ්‍යාපනවිභාගඅපොසකල්දැමීම
BestWeb.lk Top Web 2026 June Qualified