
SLS සහතිකය නොමැති දේශීය සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබනවා. ඒ අනුව, 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය තහනම් වන බව එම අධිකාරිය නිවේදනය කරනවා. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වැනි වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන SLS සහතික ලාංඡනය හිමි නිෂ්පාදන පමණක් වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව ද සඳහන්. මෙම නියෝගය එක්වරක් භාවිත කළ හැකි සාමාන්‍ය සනීපාරක්ෂක තුවා සහ සිහින් සනීපාරක්ෂක තුවා යන නිෂ්පාදන වර්ග දෙකටම අදාළ වනවා. එමෙන්ම, ආනයනය කරන සනීපාරක්ෂක තුවා ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආනයන ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ අනුමැතිය ලබා නොමැති නම්, ඒවා ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම ද තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබේ. SLS සහතිකය නොමැති දේශීය සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙන බව සඳහන්. ඒ අනුව, 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය තහනම් වන බව එම අධිකාරිය නිවේදනය කර ඇත. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වැනි වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන SLS සහතික ලාංඡනය හිමි නිෂ්පාදන පමණක් වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව ද සඳහන් වනවා. මෙම නියෝගය එක්වරක් භාවිත කළ හැකි සාමාන්‍ය සනීපාරක්ෂක තුවා සහ සිහින් සනීපාරක්ෂක තුවා යන නිෂ්පාදන වර්ග දෙකටම අදාළයි. එමෙන්ම, ආනයනය කරන සනීපාරක්ෂක තුවා ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආනයන ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ අනුමැතිය ලබා නොමැති නම්, ඒවා ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම ද තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
