Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
සබන්වල ගුණාත්මකභාවය නියාමනයට නව ගැසට්ටුවක්
BusinessNews19

සබන්වල ගුණාත්මකභාවය නියාමනයට නව ගැසට්ටුවක්

July 17, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01සබන් නිෂ්පාදන නම සහ මේද ප්‍රතිශතය ඇසුරුම් මත සටහන් කිරීමට නියෝගයක්.
  2. 02නියෝගය 2027 ජූලි 09 සිට ක්‍රියාත්මක වේ.
  3. 03පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සම්බන්ධයි.
  4. 04විවිධ සබන් වර්ග වෙළෙඳපොළට පැමිණී ඇත.
  5. 05නිවැරදි තොරතුරු ප්‍රදාර්ශනය කළණු විය.
  6. 06ළදරු, ඇඟ ගල්වන, ෂේවීන්, කාබොලික්, රෙදි සෝදන, මෘදු සබන් සඳහා බලපැවැත්වේ.

මෙරට වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන සබන් නිෂ්පාදනවල නම සහ එහි අඩංගු සමස්ත මේද ප්‍රතිශතය ඇසුරුම් මත පැහැදිලිව සඳහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1)(අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය පනවා තිබුණා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නියෝගය 2027 වර්ෂයේ ජූලි මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. පසුගිය කාලසීමාව තුළ විවිධ සන්නාමයන් යටතේ නව සබන් වර්ග රැසක් වෙළෙඳපොළට පැමිණ ඇති අතර, ඉන් ඇතැම් දේශීය මෙන්ම ආනයනික සබන් නිෂ්පාදනවල අන්තර්ගත අමුද්‍රව්‍ය හෝ මේද පදාර්ථ ප්‍රතිශතය පිළිබඳ කිසිදු සටහනක් නොමැති බවට පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ල වුණා. මෙරට ප්‍රධාන පෙළේ ජනප්‍රිය සබන් සන්නාම මෙම තොරතුරු නිවැරදිව ප්‍රදර්ශනය කළද, නියාමනයකින් තොරව අලෙවි වන අනෙකුත් නිෂ්පාදන පාලනය කිරීම සඳහා මෙම නව රෙගුලාසි හඳුන්වා දී තිබෙනවා. සබන් නිෂ්පාදන නාමය ඝන අකුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම (ඉන් භාෂා දෙකකින් ප්‍රධාන රාමුවේද, ඉතිරි භාෂාවෙන් වෙනත් රාමුවකද) පැහැදිලිව සටහන් කළ යුතුයි. ඇසුරුම් කරන අවස්ථාවේදී නිෂ්පාදනයේ අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය ප්‍රතිශතයක් (%) ලෙස, මිලිමීටර් 2කට (2 mm) නොඅඩු ඝන අකුරින් ඇසුරුම මත පැහැදිලිව මුද්‍රණය කළ යුතු වනවා. ළදරු සබන් (Baby Soap), ඇඟ ගල්වන සබන් (Toilet Soap), ෂේවීන් සබන් (Shaving Soap), කාබොලික් සබන් (Carbolic Soap), රෙදි සෝදන සබන් (Laundry Soap), රෙදි සෝදන සබන් (Laundry Soap), මෘදු සබන් (Soft Soap) යන සබන් වර්ග සඳහා මෙම රෙගුලාසි අනිවාර්යයෙන්ම බලපැවැත්වෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/new-gazette-to-regulate-soap-quality/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
සබන්නිෂ්පාදනපාරිභෝගිකරෙගුලාසිඅධිකාරිය
BestWeb.lk Top Web 2026 June Qualified