Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
පෙට්‍රල් - ඩීසල් මිල සූත්‍රයේ අගයට වඩා ඉහළයි
BusinessLankadeepa

පෙට්‍රල් - ඩීසල් මිල සූත්‍රයේ අගයට වඩා ඉහළයි

July 17, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මෙරට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ බව පබ්ලික් ෆයිනෑන්ස් ප්‍රකාශ කරයි.
  2. 02පෙට්‍රල් මිල රුපියල් 414 දක්වා පහළ ගිය නමුත් සැසියන මිලට ඉහළයි.
  3. 03පැමිණෙන මිල සූත්‍රය අනුව පෙට්‍රල් මිල රුපියල් 378.71 දක්වා අඩු කළ හැක.
  4. 04ඔටෝ ඩීසල් මිලද පිරිවැය ආවරණය කෙරෙන මිලට වඩා ඉහළයි.
  5. 05ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 382 දක්වා පහළ ගිය නමුත් හැකි මිල රුපියල් 312.22යි.
  6. 06සැසියන දිනයේය පෙට්‍රල් බදු සහනාධාරය රුපියල් 116.16.
  7. 07ඔටෝ ඩීසල් බදු සහනාධාරය රුපියල් 17.27.

(විමුක්ති එස් රුද්‍රිගු)

තවමත් මෙරට පෙට්‍රල් සහ ඩීසල් මිල පිරිවැය ආවරණය කෙරෙන මිල සූත්‍රය යටතේ තිබිය යුතු මිලට වඩා ඉහළ බව පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පසුගියදා ප්‍රකාශ කළේය.

මෙම මස ඉන්ධන මිල සංශෝධනයේදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414 දක්වා පහළ වැටුණත් එය ඉතා සුළු ප්‍රමාණයක් බවත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සමග සංසන්දනය කරන විට පිරිවැය ආවරණය කරන මිල සූත්‍රය යටතේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 378.71 දක්වා අඩු කිරීමට රජයට හැකියාව තිබූ බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් වර්තමාන පෙට්‍රල් ලීටරයක මිල පිරිවැය ආවරණය කරන මිල සූත්‍රය සමග සංසන්දනය කරන විට තවමත් ඉහළ බවද පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. පසුගිය 1 වැනිදා වනවිට පෙට්‍රල් ලීටරයක් සඳහා හිමිවන බදු සහනාධාරය රුපියල් 116.16ක් බවද එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.

මෙම මස ඉන්ධන මිල සංශෝධනයේදී ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 382 දක්වා පහළ දැමුනත් එයද පිරිවැය ආවරණය කරන මිල සූත්‍රය සමග සංසන්දනය කරන විට ඒ යටතේ තිබිය යුතු මිලට වඩා ඉහළ බව පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. එම මිල සූත්‍රය යටතේ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 312.22 දක්වා පහළ දැමීමට හැකියාව තිබූ බවද එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.

එසේම පසුගිය 1 වැනිදා වනවිට ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා ලබාදී ඇති බදු සහනාධාරය රුපියල් 17.27ක් බවද පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/පටරල-ඩසල-මල-සතරය-අගයට-වඩ-ඉහළය/101-695046
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ඉන්ධනයමිලස්ථාවරය
BestWeb.lk Top Web 2026 June Qualified