
අතුරුගිරිය ප්‍රදේශයේ අද (17) අලුයම ටිපර් රථයක් සහ කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබෙනවා. අනතුරත් සමඟ එම මාර්ගයේ රථවාහන ගමනාගමනය පැය දෙකකට ආසන්න කාලයක් අවහිර වී තිබූ බවයි වාර්තා වන්නේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 20කට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඔරුවල සහ හෝමගම මූලික රෝහල් වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අදාළ අතුරුගිරිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.
