Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
බලපත්‍ර නොමැති බස් රථ 1000 ක් ධාවනයේ
WorldLankadeepa

බලපත්‍ර නොමැති බස් රථ 1000 ක් ධාවනයේ

July 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01රටේ බලපත්‍ර නොමැති බස් රථ දහසක් ඉපැයීමේ අවස්තාවක්.
  2. 02විජේරත්න මහතා මෙය ජනතාවගේ ආරක්ෂාවට අඹාසයක් බව සැඟවී ඇත.
  3. 03ජාතික ගමනාගමන කොමිෂන් අධිකාරිය විශේෂ අවධානයක් යොමු නොකරයි.
  4. 04සමහර පෞද්ගලික බස් ආයතන නීතිවිරෝධී ක්‍රියාවන්ට යෙදෙති.
  5. 05කොමිෂන් සභාවේ අධිකාරිය වැඩපිළිවෙළක් සකස් කරමින් සිටී.

(යොහාන් භාසුර)

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බලපත්‍රය නොමැති බස් රථ දහසකට (1,000) ආසන්න සංඛ්‍යාවක් දුර ගමන් සේවා මගී ප්‍රවාහනයේ නිරත වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා 'ලංකාදීප'යට පැවසීය.

මාර්ග බලපත්‍රය ලබාගෙන මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වලට මෙම තත්වයෙන් විශාල හානියක් වන බව කී විජේරත්න මහතා මෙම තත්වය පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන ජනතාවගේ ආරක්ෂාවට ද විශාල ගැටලුවක් බව ද සඳහන් කළේය.

ඇතැම් මහා පරිමාණ පෞද්ගලික බස් රථ සමාගම් එකම වර්ණයේ බස් රථ යොදාගෙන මෙම නීති විරෝධී ක්‍රියාවේ යෙදෙන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ පිළිබඳව අවධානය යොමු නොකරන බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ගමනාගමන කොම්ෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ බලපත්‍ර නොමැතිව ද දුර ගමන් සේවා මගේ ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සැලකිය යුතු ප්‍රමාණයක් ඇති අතර එය බස් රථ දහසක් ද යන්න නොදන්නා බවත් ඒ වගේම බලපත්‍ර ලබාගෙන තමන්ට වාසිදායක ගමන් වාර පමණක් ධාවනය කරන බස් රථ ද ඇති බවත්ය.

බලපත්‍ර නොමැතිව ධාවනය කරන බස් රථ සහ බලපත්‍ර ඇතිව නියමිත පරිදි ධාවනය නොකරන බස් රථ යන බස් රථ වර්ග දෙකම පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇති බවත් ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/බලපතර-නමත-බස-රථ-1000-ක-ධවනය/101-695004
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
බස්පෞද්ගලිකගමනාගමනනීතියආරක්ෂාව
BestWeb.lk Top Web 2026 June Qualified