Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
31 වැනි සුමති සම්මාන උළෙලේදී News 1st සහ සිරස TV සම්මාන රැසකින් පිදුම් ලබයි...
WorldNewsfirst

31 වැනි සුමති සම්මාන උළෙලේදී News 1st සහ සිරස TV සම්මාන රැසකින් පිදුම් ලබයි...

July 16, 2026·2 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01News 1st සහ සිරස TV සම්මාන රැසක් දිනාගත්තා.
  2. 0231 වන සුමති සම්මාන උළෙල 2025 වසරේ පැවැත්වෙයි.
  3. 03සම්මාන උළෙලට කලාකරුවන් රැසක් සහභාගී විය.
  4. 04News 1st හි කසුන් උදයංගආරච්චි වාර්තා වැඩසටහනට සම්මානය දිනාගත්තා.
  5. 05සිරස TV ඩිජිටල් අංශය කුසලතා සම්මාන දෙකක් දිනාගත්තා.
  6. 06වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදක සම්මානය සනෝජ් මුතුමාල් දිනාගත්තා.
  7. 07ජනප්‍රිය නළුවාට අකිල ධනුද්දර සම්මානය දිනාගත්තා.
  8. 08ජාතික සම්මාන දෙකක් සුමතිපාල අනුස්මරණයට පිරිනමන ලදි.

එහිදී,, News 1st හා සිරස Tv සම්මාන රැසකින් පිදුම් ලැබීය.

31 වන සුමති සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 2025 වසරේ ටෙලි නිර්මාණ ඇගයීම වෙනුවෙන්.

කලා කරුවන් රැසක් උත්සවයට සහභාගී විය.

LOLC අනුග්‍රහයෙන් නිෂ්පාදය කළ "Save the Sri Lankan Leopard" වැඩසටහන වෙනුවෙන් එය අධ්‍යක්ෂණය කළ News 1st හි කසුන් උදයංගආරච්චි වසරේ හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ ය.

මෙවර සම්මාන උළෙලේ ඩිජිටල් මාධ්‍ය වැඩසටහන් අංශයේ කුසලතා සම්මාන දෙකක් හිමි කර ගැනීමට සිරස TV ඩිජිටල් අංශය සමත් විය.

සිරස TV ඩිජිටල් ඔස්සේ ලොවක් වැළඳගත් සුරිදුට කතරගම වැඩසටහන නිර්මාණය කළ ඩිජිටල් විශේෂාංගය වන තින්නෝරු පූජාව සහ ලෝක ළමා දිනය වෙනුවෙන් සිරස TV ඩිජිටල් අංශය නිර්මාණය කළ ලංකාවේ ලස්සනම ඉස්කොලේට ගිය ආදරනීය ගමන - ටිකිරි සිනහවක් විශේෂාංගයට එම කුසලතා සම්මාන හිමි විය.

වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදක සම්මානය News 1st හි සනෝජ් මුතුමාල් දිනාගත්තේ ය.

අකිල ධනුද්දර මෙවර සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගත් අතර දුශේණි මියුරංගි වසරේ ජනප්‍රිය නිළියට හිමි සම්මානය දිනාගත්තා ය.

31වන සුමති සම්මාන උළෙලේදී ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමන සුමතිපාල අනුස්මරන සම්මාන ද්විත්වයක් පිරිනැමිණි.

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනි සුවනිතා වීරසිංහට සහා ප්‍රවීන සංගීතවේදි ආචාර්ය එඩ්වඩ් ජයකොඩිට එම සම්මාන ද්විත්යෙන් පිදුම් ලැබීය.

තවත් කාණ්ඩ රැසක් ටෙලි නිර්මාණකරුවන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/16/31-වැනි-සුමති-සම්මාන
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
සම්මානකලාකරුවන්නිව්ස්සිරස TVNews 1st
BestWeb.lk Top Web 2026 June Qualified