Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවක් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
WorldNews19

සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවක් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

July 16, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01සමාජ මාධ්‍ය තුළ මෝටර් රථයක් ගිනිගන්නා වීඩියෝවක් පැතිරී තිබේ.
  2. 028 හැවිරිදි දරුවෙක් මෝටර් රථයට ගිනි තැබූ බවට චෝදනා ඇති.
  3. 03පොලීසිය, විමර්ශනවලදී කිසිදු සාක්ෂියක් හොයා ගන්නා ලදි.
  4. 04ගින්නෙන් විනාශ වූ මෝටර් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 140කි.
  5. 05පොලීසියට ප්‍රචාරිත පදනම් විරහිත පුවත් ගැන අවවාදය.
  6. 06විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර තවදුරටත් සිදුවීම් වී ඇත.

සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති, මෝටර් රථයක් ගිනිගන්නා අවස්ථාවේ ඒ අසලින් කුඩා දරුවෙකු ගමන් කරන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. අදාළ වීඩියෝව සමඟ සංසරණය වන හඬ පට මඟින් එම 8 හැවිරිදි දරුවා විසින් මෝටර් රථයට ගිනි තැබූ බවට චෝදනා කර තිබුණද, විමර්ශනවලදී ඒ සඳහා කිසිදු ඇසින් දුටු සාක්ෂියක් හෝ විද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය අවධාරණය කරනවා. පොලිස් වාර්තාවලට අනුව මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ කුරුණෑගල පොලිස් වසමට අයත් පාසල් භූමියකින්. පසුගිය ජූලි මස 03 වෙනිදා අදාළ පාසල් භූමියේ නවතා තිබූ රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් මෙලෙස ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා. මෙම ගිනි තැබීමට වයස අවුරුදු 08ක පමණ කුඩා දරුවෙකු වගකිව යුතු බව පවසමින් කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ලැබී තිබුණා. පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ කුරුණෑගල පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ වීඩියෝ දර්ශනවල මෝටර් රථය අසලින් ගමන් කරනු ලබන්නේ එම විදුහලේම අධ්‍යාපනය ලබන 08 හැවිරිදි සිසුවකු බවයි. කෙසේ වෙතත්, අදාළ දරුවා මෝටර් රථයට ගිනි තැබූ බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැති බව පොලීසිය ප්‍රකාශ කරනවා. කුරුණෑගල පොලීසිය විසින් මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, විමර්ශන කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු කෙරෙනවා. මෝටර් රථය ගිනි ගැනීමට ලක්වූ සැබෑ විද්‍යාත්මක හේතුව අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය මඟින් විශේෂඥ සාක්ෂි සහ පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට ද පොලීසිය පියවර ගෙන තිබෙනවා. එබැවින්, නිල විමර්ශන අවසන් වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙවැනි පදනම් විරහිත, සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/police-clarification-regarding-a-video-that-caused-a-stir-on-social-media/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
මාධ්‍යපොලීසියගිනිකුරුණෑගලදරුවා
BestWeb.lk Top Web 2026 June Qualified