Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
ශ්‍රී ලංකා හමුදාවට ඩ්‍රෝන විකුණන්න තුර්කිය සූදානම්
WorldLankadeepa

ශ්‍රී ලංකා හමුදාවට ඩ්‍රෝන විකුණන්න තුර්කිය සූදානම්

July 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලංකාවට ඩ්‍රෝන යානා විකිණීම සඳහා තුර්කිය කැමැත්තෙන් පසුවී.
  2. 02තුර්කි තාක්ෂණික කණ්ඩායම ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙයි.
  3. 03සාකච්ඡාවන් සඳහාදී තානාපති ආචාර්ය සෙමිහ් ලුත්ෆු තුර්ගුට් අදහස් ප්‍රකාශ කළේය.
  4. 04තානාපතිවරයා ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට කැමතියි.
  5. 05ඩ්‍රෝන යානාවල ප්‍රධාන කාර්යය ආරක්ෂාව සහ ඔත්තු බැලීමයි.

(කැලුම් බණ්ඩාර)

ශ්‍රී ලංකා හමුදාවට, ඩ්‍රෝන යානා විකිණීම සඳහා තුර්කිය කැමැත්තෙන් පසුවෙයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තුර්කි තාක්ෂණික කණ්ඩායමක් ඉතා ඉක්මනින් මෙරටට පැමිණීමට නියමිතය.

ඉකුත් දා බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුත්ෆු තුර්ගුට් පැවසුවේ, සියලුම ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තම රට සැලසුම් කරමින් සිටින බවය.

තානාපතිවරයා සඳහන් කළේ තුර්කියේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීම සඳහා තාක්ෂණික කණ්ඩායම මෙරටට පැමිණිමෙන් පසුව, ශ්‍රී ලංකා නියෝජිත පිරිසකට ද වැඩිදුර නිරීක්ෂණ කටයුතු සඳහා තුර්කියේ සංචාරය කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවය.

එම ඩ්‍රෝන යානාවල ප්‍රධානතම කාර්යය වන්නේ ආරක්ෂක සහ ඔත්තු බැලීමේ කටයුතු සිදු කිරීම බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/ශර-ලක-හමදවට-ඩරන-වකණනන-තරකය-සදනම/1-694993
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ඩ්‍රෝනථානාපතිතුර්කියශ්‍රී ලංකාවආරක්ෂාව
BestWeb.lk Top Web 2026 June Qualified