
මැදපෙරදිග කලාපයේ යුද උණුසුම නැවතත් ඉහළ ගොස් තිබෙන අතර, අමෙරිකාව සහ ඉරානය අතර නව ප්‍රහාර මාලාවක් හේතුවෙන් කලාපයේ ආරක්ෂක තත්ත්වය දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. දෙපාර්ශ්වයම මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගෙන ප්‍රහාර එල්ල කර ඇති අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු කලාපය යළිත් ගැටුම්කාරී ප්‍රදේශයක් බවට පත්වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම තත්ත්වය හේතුවෙන් පසුගිය මාසයේදී යුද ගැටුම් අවම කර ගැනීමේ අරමුණින් අත්සන් කළ අමෙරිකා-ඉරාන අතුරු එකඟතාව ද දැඩි අභියෝගයකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. අමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය ප්‍රකාශ කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නෞකා සහ සිවිල් නාවිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉරාන හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යාංශය අමෙරිකාව විසින් සිදු කළ ප්‍රහාර ජාත්‍යන්තර නීතියට පටහැනි බව පවසමින් ඒවා දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
