Breaking
හැකරු සිද්ධිය: මහ බැංකු වාර්තාව එන සතියේ
PoliticsLankadeepa

හැකරු සිද්ධිය: මහ බැංකු වාර්තාව එන සතියේ

June 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ඕස්ට්‍රේලියාවට $25,000,000 ණයක් වංචාවක් හැටියට භාවිත වී ඇත.
  2. 02මහ බැංකුවේ වාර්තාව එන සතියේ පාර්ලිමේන්තුවට භාර දෙනු ඇත.
  3. 03ආචාර්ය හර්ෂ ද සිල්වා වාර්තාව පිළිබඳව කියාවි.
  4. 04මියැදී ගෙන යන මුදල් කොන්දේසි ගැන කාරක සභාව වාර්තා කරයි.
  5. 05මහ බැංකුව අධිපතිවරයාට නියෝග කරනු ලැබීය.
  6. 06ඉතිහාසයේදී මෙම වංචාවක් සිදුවී ඇත.

(සුජිත් හේවාජුලිගේ )

ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව එන සතියේ භාරදීමට නියමිතව ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාව සහ මහ භාණ්ඩාගාරයේ වාර්තාව යන වාර්තා දෙකම අධ්‍යයනය කිරීමෙන් පසු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මහභාණ්ඩාගාරයේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා භාර දෙනු ලැබීය.

එම වාර්තාව සම්බන්ධයෙන් මූලිකව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කාරක සභාව සිද්ධිය ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහ බැංකුව අධිපතිවරයාට නියෝග කළේය.

මහා භාණ්ඩාගාරයේ මුදල් මෙසේ හැකරුන් වංචනික ලෙස ලබාගෙන ඇතැයි පැවසෙන්නේ මේ වසරේ මුල් භාගයේදීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/හකර-සදධය-මහ-බක-වරතව-එන-සතය/101-693708
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ශ්‍රී ලංකාමහ බැංකුවව්‍යාපාරආර්ථිකවංචා
BestWeb.lk Top Web 2026 June Qualified