
(සනත් ගමගේ)
පසුගිය මහ කන්නයේ නෙලාගත් විවලට සාදාරණ මිලක් නොමැතිව හම්බන්තොට ගොවීන්ගේ නිවෙස් වල ගොඩගසාගෙන තිබෙන අයුරු සාක්ෂි සහිතව මාධ්‍යයට පෙන්විමට ඇත්බටුව, දෙනිය ප්‍රදේශවල ගොවි සංවිධාන නියෝජිතයෝ (18) පියවරගත්හ.
දෙනිය බෝධින් වහන්සේ අභියසට පැමිණි ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් මී ගවයකු එම ස්ථානයට රැගෙනවිත් ගොවින්ගේ නිවෙස්වල තිබෙන විවලට සාධාරනයක් ඉටුකරන ලෙසට ඉල්ලා මි ගවයාගෙන් කන්නලව් කරන්නට විය.
බලධාරින් හා කෘෂිකර්ම ඇමැතිවරුන් මෙයට කන්නොදි සිටින්නේ මේ බව නොතේරෙන හෙයින් ද එසේ නැතිනම් අවබෝදයක් නැති නිසාද යන්න මී හරකෝ උඹවත් පැහැදිලි කරන ලෙසට දෙනිය ගොවි සංවිධාන නියෝජිත එස්.වික්‍රමරත්න මහතා මෙහිදි කිය.
