Breaking
මැතිසබේ හිංසන වාර්තාව කාර්ය මණ්ඩල සභාවට
PoliticsLankadeepa

මැතිසබේ හිංසන වාර්තාව කාර්ය මණ්ඩල සභාවට

June 18, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවට යොමු කිරීමට තීරණය.
  2. 02හිටපු මහාධිකරණ විනිසුරුවරියගේ වාර්තාව මාස හයක් ගතවී ඇත.
  3. 03නිලධාරිනියට වසර තුනක වැටුප් වර්ධක කතානායකවරයාට පෙර නොලැබී ඇත.
  4. 04මහාධිකරණ නිර්දේශ ක්‍රියාත්මක නොවීම පිළිබඳ අසාධාරණයක්.
  5. 05විපක්ෂ නායකයන්ගෙන් යුක්තිය ඉටු කිරීමට ඉල්ලීමක්.
  6. 06අවාසනාවන්ත වාර්තා බයක් පවතී.

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට එහි ප්‍රධානීන් විසින් කරන ලදැයි කියන හිංසන සහ වෙනස් කොට සැලකීම් සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට එය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවට (Staff Advisory Committee) යොමු කිරීමට තීරණය කර ඇත

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ අවසන් වාර්තාව කතානායකවරයාට භාරදී මාස හයකට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් එහි නිර්දේශ ක්‍රියාත්මක වී නොමැත.

පාර්ලිමේන්තු තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට විවිධ වාචික හිංසන සහ වෙනස් කොට සැලකීම් සිදු කර ඇති බව එම අවසන් වාර්තාවේ පැහැදිලිවම සඳහන් කර ඇත. එසේම වින්දිත නිලධාරිනියට යුක්තිය සාධාරණය ඉටු කරන ලෙසටද හිටපු මහාධිකරණ විනිසුරුවරිය එම වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

කෙසේ වෙතත් වින්දිත නිලධාරිනියට වසර තුනක කාලයක් තිස්සේ වැටුප් වර්ධක(INCREMENT) පවා ලබාදී නැතැයි සේවකයෝ කනස්සල්ල පළ කරති. නිලධාරිනිය දැන් වෙනත් අංශයක එහි උසස් නිලධාරීන්ගේ විශේෂ ඇගයීම් පවා ලබමින් රාජකාරී කළද එම අංශයේ කටයුතු කළ කාලයට පවා ඇයට වැටුප් වර්ධක ලබාදී නැති බවත් එය බරපතළ අසාධාරණයක් බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ අතර ඇයට සාධාරණය ඉටුකිරීම වෙනුවට මහාධිකරණ විනිසුරුවරියගේ වාර්තාව පදනම් කරගෙන පාර්ලිමේන්තු නිලධාරිනියකගෙන් තවත් වාර්තාවක් ලබාගෙන ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තාවේ. මෙය මහාධිකරණ විනිසුරුවරියගේ වාර්තාව නිසියාකාරව ක්‍රියාත්මක කිරීම අවුල් කිරීමේ අරමුණකින් කිසිවකුගේ බලපෑම් මත කරනු ලබන්නක්දැයි සේවකයෝ ප්‍රශ්න කරති.

එසේම වින්දිත නිලධාරිනියට වහාම යුක්තිය ඉටු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහත්වරු පසුගියදා පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළහ.

වින්දිත නිලධාරිනියට යුක්තිය ඉටුවනතුරු තමන් බොහොම විමසිල්ලෙන් බලා සිටින බව විපක්ෂයේ මන්ත්‍රීවරු වැඩිදුරටත් පවසති.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/මතසබ-හසන-වරතව-කරය-මණඩල-සභවට/1-693712
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
පාර්ලිමේන්තුවහිසළූම්විපක්ෂයසමගි ජන බලවේගයතාක්ෂණ පද්ධති
BestWeb.lk Top Web 2026 June Qualified