Breaking
ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද
PoliticsNews19

ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද

June 18, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ගෝඨාභය රාජපක්ෂ සහිත පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් වෙයි.
  2. 02අභියාචනාධිකරණය මඩුල්ල ඉදිරියේ තවදුරටත් කතාබහ කිරීමට නියමිතයි.
  3. 03ඉන්දූම් පිළිබඳ සාකච්ඡාව පෙනී සිටි විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙන්ම ඉවත් වුණා.
  4. 04නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලැබී නැති බව ප්‍රකාශ කළා.
  5. 05නඩුවට අදාළ ලේඛන ඊයේ පෙරවරුවේ ලැබී ඇත.
  6. 06අත්අඩංගුවට ගැනීම කඩිනම් කිරීමට අධිකරණයට කිසිදු ප්‍රතිඥාවක් ලබාදීමට බැහැ.
  7. 07ටහනම් නියෝගයක් ඉල්ලා අධිකරණයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා තිබුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම අද (18) යළි අභියාචනාධිකරණයේ දී සලකා බැලීමට නියමිතයි. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි. මෙම පෙත්සම ඊයේ දින අභියාචනාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෞද්ගලික හේතූන් මත මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විවෘත අධිකරණයේ ප්‍රකාශ කර තිබෙනවා. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ ලේඛන තමන් වෙත ලැබුණේ ඊයේ පෙරවරුවේ බැවින් වගඋත්තරකරුවන්ගෙන් මේ දක්වා උපදෙස් ලැබී නොමැති බවයි. එමෙන්ම නිසි උපදෙස් ලබාගැනීමකින් තොරව පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට කිසිදු ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවද ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ සභාපති විනිසුරුවරයා මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින නැවත කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/gotabayas-petition-to-be-considered-today/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
පැහැදිලි කිරීමඅධිකරණයපෙත්සමගෝඨාභය රාජපක්ෂයුක්තිය
BestWeb.lk Top Web 2026 June Qualified