
රාජ්‍ය සේවයට නිලධාරීන් පත් කිරීමේදී අමාත්‍යාංශ ලේකම්වරුන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන් වැනි අයව පත් කරන ලෙසට කිසිදු කණ්ඩායමක් පැමිණ ඉල්ලා ඇතැයි තමන් නොසිතන බවත්, එලෙස ඉල්ලූ පමණින් රාජ්‍ය සේවයේ පත් කිරීම් සිදු කරන ක්‍රමවේදයක් නොමැති බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍ය සේවා පත් කිරීම්වලදී එලෙස බලපෑම් කිරීමට කිසිදු කෙනෙකුට නොහැකි බවයි. කාදිනල් උන්වහන්සේගෙන් කරපු ඉල්ලීමකට අනුව ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරුන්ව පත් කළ බවට බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද, කතෝලික සභාව හෝ කාදිනල් උන්වහන්සේ එවැනි ඉල්ලීමක් කර නැතැයි සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කිරීමත් සමඟ, එහිදී “බොරු කියන්නේ කාදිනල් පියතුමාද බිමල් රත්නායකද” යනුවෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී හුවමාරු වූ කතාව පිළිබඳව තමන් නොදන්නා බවයි. අමාත්‍යාංශ ලේකම්වරුන් බඳවා පත් කිරීම සිදු කර තිබෙන්නේ ඒ ඒ ක්ෂේත්‍රවල තිබෙන අත්දැකීම්, පරිණතභාවය සහ රාජ්‍ය සේවයේ ඔවුන් කටයුතු කර තිබෙන ආකාරය පිළිබඳ සියල්ල සලකා බැලීමෙන් පසුව බව පැවසූ අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ඒ සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් හෝ ඒ ක්ෂේත්‍රයට අදාළ වෙනත් සේවා වෘත්තිකයන්ගෙන් පත් කිරීම් සිදු කර ඇති බවයි. අධ්‍යක්ෂවරුන් ඇතුළු අනෙකුත් තනතුරු යනු රාජ්‍ය සේවයේ තිබෙන ව්‍යුහය තුළින්ම උසස්වීම් මත නිල වශයෙන් හිමිවන ඒවා බවත් ඒ අනුව, රාජ්‍ය සේවයේ පත්කිරීම් සිදු කරනු ලබන්නේ ක්ෂේත්‍රයේ අත්දැකීම් මත පදනම් වූ නීත්‍යානුකූල පටිපාටියකට අනුව පමණක් බව නලින්ද ජයතිස්ස මහතා පෙන්වාදෙනවා. ඒ අනුව ඊට බාහිර බලපෑම් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. ශානිගේ පත්වීම ගැන බිමල් කළ ප්‍රකාශයට ගාමිණී පියතුමාගෙන් උත්තර
