
මෙරට වේලාවෙන් අද (18) අලුයම ධවල මන්දිරය සහ ඉරාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඒ බව තහවුරු කළේ ය.
G7 සමුළුව වෙනුවෙන් ප්‍රංශයට පැමිණ සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාද මාධ්‍යවේදීන් ඉදිරියේ ඒ බව තහවුරු කළේ ය.
ඇමරිකානු ජනාධිපතිවරයා, ප්‍රංශ ජනාධිපතිවරයා සමග, ව'සායි මාලිගයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වූ අතර ඉන් පිටව යන අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ සුළු මොහොතකට පෙර මාලිගය තුළදී තමන් ඊට අත්සන් තැබූ බවයි.
සඳුදා දිනයේ ඊට ඇමරිකානු උප ජනාධිපතිවරයා සහ ඉරාන කතානායකවරයා අත්සන් තැබූ බව වාර්තා විය.
ඉරාන - ඇමරිකා අවබෝධතා ගිවිසුම දැන් ක්‍රියාත්මක බවත්, අවසන් ගිවිසුමකට පැමිණීම වෙනුවෙන් සාකච්ඡා සඳහා වෙන්කෙරෙන දින 60ක කාල සීමාව දැන් ආරම්භ වී ඇති බවත් ධවල මන්දිරයද නිවේදනය කළේ ය.
මෙවැනි පසුබිමක හෙට (19) ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ නිල අත්සන් තැබීමේ උත්සවය පැවැත්වෙන්නේද නැද්ද යන්න අවිනිශ්චිතයි.
ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා සඳහන් කළේ, දෙපාර්ශවයේ ධූත පිරිස් සාකච්ඡා සඳහා ජිනීවා නුවරදී රැස්වීමට නියමිතව ඇති නමුත්, අවබෝධතා ගිවිසුමට ඩිජිටල් අත්සන් තබා ඇති බැවින්, භෞතික අත්සන් කිරීමේ උත්සවයක් නොපැවැත්වෙන බවයි.
