
ඒ, මෙරට යුද්ධ හමුදාවේ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීම සඳහායි.
ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව, ඉන්දීය යුද්ධ හමුදාවේ මෙහෙයුම් තොගවලින් මෙම යුධ උපකරණ ලබාදීමට ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මුහුණ දී සිටි උපකරණ හිඟයට පිළියමක් ලෙස, ඉන්දියාව විසින් මාසයක් වැනි කෙටි කලක් තුළ මෙම හදිසි අවශ්‍යතාව සපුරාලීම සිදුකළේ ය.
අදාළ යුද උපකරණ ඉන්දීය නාවික හමුදාවට අයත් ‘ශාර්ධා’ නෞකාව මගින් කොළඹ වරායට රැගෙන එනු ලැබීය.
එම යුද උපකරණ භාරදීමේ උත්සවය, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ යන අයගේ සහභාගීත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථානයේදී පැවැත්වේ.
පසුගිය වසර දෙක තුළ පමණක්, ශ්‍රී ලංකා සන්නද්ධ බලකායන්හි යටිතල පහසුකම් නැංවීම සහ පුහුණු ආධාර සැපයීම වෙනුවෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය රුපියල් බිලියන 5ක ව්‍යාපෘති අනුමත කර තිබේ.
එමෙන්ම, මෑතකදී බලපෑ දිට්වා සුළි කුණාටු අවස්ථාවේදී ද ඉන්දීය හමුදාව මෙරට පුද්ගලයින් හත්දහසකට ආසන්න පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් අතර, මාර්ග සංවර්ධන අධිකාරියට සහය වෙමින් පාලම් 07ක් ද ඉදිකර දීම විශේෂත්වයකි.
දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාවය තවදුරටත් තහවුරු කරමින්, වසරකට ශ්‍රී ලංකා සන්නද්ධ බලකා සාමාජිකයින් එක්දහස් දෙසියයක් පමණ ඉන්දියාවේදී විශේෂ පුහුණුව ලබයි.
යුද උපකරණ සැපයීම, ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය සහ කලාපයේ සැමගේ ආරක්ෂාව සහ වර්ධනය අරමුණු කරගත් මහාසාගර් දැක්ම පිළිඹිබු කරන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
