
(අංජුල මහික වීරරත්න)
2026 අයවැය යෝජනා අනුව අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක ව්‍යාපෘතින් සහ විශේෂ ප්‍රතිපත්තිමය අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාලෝචන රැස්වීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සහ එම ගැටලු විසදා ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන, වරාය සහ සිවිල් ගුවන් සේවා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා, කාන්තා සහ ළමා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන යන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු මෙහිදී වෙන් වෙන්ව සාකච්ඡා කෙරිණි.
අදාල සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කරමින් මතුව ඇති ගැටලු කඩිනමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපති ලේකම්වරයා අදාළ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්රතිලාභ ලබා දීම සියලු දෙනාගේ වගකීම බවද පෙන්වා දුන්නේය.
