
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අද(17)ප්‍රංශයේ එවියන්-ලෙස්-බෙයින්ස්හිදී ලෝක නායකයින් ඉදිරියේ “I’m the boss” යනුවෙන් පවසමින් යුක්‍රේනය වෙත සිය සහයෝගය පළකර තිබෙනවා. ඒ G7 හෙවත් ලොව බලවත්ම රටවල් හතේ නායකයින්ගේ සමුළුව අතරවාරයේදී. මෙම සමුළුව ජුනි 15-17 දක්වා ප්‍රංශයේ පැවැත්වෙනවා. යුද පිටියේදී යුක්‍රේනය ලබා ඇති ප්‍රගතිය අගය කරමින් රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට සහ යුක්‍රේනයට එක්සත් සහයෝගයක් ලබා දීමට G7 නායකයෝ එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ ඔහුගේ මිත්‍ර රටවල් මෙම සමුළුවට පැමිණියේ යුක්‍රේනයේ ප්‍රතිප්‍රහාර සාර්ථක වෙමින් පවතින බවත්, සාම සාකච්ඡාවලදී කොන්දේසි පැනවීමට රුසියාවට කිසිදු හැකියාවක් නොමැති බවත් ට්‍රම්ප්ට ඒත්තු ගැන්වීමේ අරමුණින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
