
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට (18) දින සලකා බැලීමට අභියාචනාධිකරණය නියෝග කළා. මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. එහිදී සභාපති විනිසුරුවරයා නියෝග කර සිටියේ, පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීමේ කටයුතු වෙනුවෙන් එය හෙට දින කැඳවන ලෙසයි. ඒ අනුව, මෙම පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ හෙට දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.
