Breaking
රජයේ මුදල් කාරක සභාව තුළ ක්‍රියාත්මක වූ හැකර්වරුන් පිළිබඳ පරීක්ෂණවලට අදාළ වීඩියෝ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කළහොත්,…
PoliticsNews19

රජයේ මුදල් කාරක සභාව තුළ ක්‍රියාත්මක වූ හැකර්වරුන් පිළිබඳ පරීක්ෂණවලට අදාළ වීඩියෝ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කළහොත්,…

June 16, 2026·3 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අජිත් පී. පෙරේරා මහතා හර්ෂ ද සිල්වා ඉවත් කිරීමට තර්ජනයක් පැවැත්විය.
  2. 02මාධ්‍ය හරහා විඩීයෝ පට නිකුත් වීම තහනම්ව තිබුණි.
  3. 03සභාවේ සාමාජිකයන්ගේ ඉතිහාසය සහ ආණ්ඩුවේ බලය මත වශයෙන් මෙය සිදුවී ඇත.
  4. 04මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකු සාකච්ඡාවන්ට අදාළ වීඩීයෝවන් දැක්කා නොහැකි විය.
  5. 05හර්ෂ ද සිල්වා මහතාට බිය නොවන් ඉවත් වීමට සුදානම් බව ප්‍රකාශයට පත් විය.
  6. 06කුමක් සිදු වුවද, ජනතාවට විපලීම් වීමේ අවදානමක් පවතී.
  7. 07අපරාධ පරීක්ෂණවලට අදාළ ලැබීම් නම් කර තිබේ.
  8. 08මහා විශාල මුදල් වල සොයා ගැනීමට ගැටළු ඇති බව යාවත්කාලීන තොරතුරු.

රජයේ මුදල් කාරක සභාව තුළ ක්‍රියාත්මක වූ හැකර්වරුන් පිළිබඳ පරීක්ෂණවලට අදාළ වීඩියෝ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කළහොත්, එම කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාව එම ධුරයෙන් ඉවත් කරන බවට ආණ්ඩු පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන් විසින් තර්ජනය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (15) පැවැති දේශපාලන වැඩසටහනකදී මහජන මුදල් කාරක සභාවේ සාකච්ඡා වීඩියෝ පට මාධ්‍ය වෙත නිකුත් නොවීම පිළිබඳව මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මහජන මුදල් කාරක සභාවේ සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ සියලුම සාකච්ඡා විනිවිදභාවයකින් යුතුව ජනතාවට දැනගැනීම සඳහා පාර්ලිමේන්තුව හරහා නිකුත් කිරීම වුවත්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය නිසා වත්මන් මූල්‍ය විමර්ශනවලට අදාළ වීඩියෝ පට නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි. කමිටුව තුළ විපක්ෂයට සාමාජිකයන් හතර දෙනෙකු පමණක් සිටියදී ආණ්ඩු පක්ෂයට සාමාජිකයන් දහසය දෙනෙකු සිටින බැවින්, සභාපතිවරයාට තනි මතයට කටයුතු කළ නොහැකි පරිදි බහුතර බලය යොදවමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මෙම තහනම සිදු කර ඇති බව අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ අනුව මෙතෙක් පැවැති සියලුම කාරක සභා රැස්වීම් මාධ්‍ය වෙත විවෘත වුවද, මහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා සහභාගි වූ ඉතාමත් වැදගත් සාකච්ඡා දෙකක වීඩියෝ පට මාධ්‍ය වෙත මුදාහැරීම දැනට වළක්වා ඇති බව අජිත් පී. පෙරේරා මහතා පෙන්වාදෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැමිණි පළමු සාකච්ඡාව සහ ඉකුත් දිනක මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවා සිදුකළ සාකච්ඡාව යන දෙකෙහිම වීඩියෝ පට මෙලෙස වළක්වා ඇත්තේ කමිටුවේ සිටින බහුතරයක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හර්ෂ ද සිල්වා මහතාට එල්ල කළ දැඩි තග දැමීම සහ බලපෑම නිසා බව ඔහු චෝදනා කළා. කෙසේවෙතත්, හර්ෂ ද සිල්වා මහතා මෙවැනි තර්ජනවලට බියවන අයෙකු නොවන බවත්, මීට පෙරද ගල්අඟුරු ගනුදෙනුවක් හෙළිදරව් කිරීම නිසා ඔහුව සභාපතිකමෙන් ඉවත් කර කාරක සභාව අහෝසි කළ අවස්ථාවේදී මෙන්ම මේවන විටත් ඔහු “එහෙනම් මාව අස් කරන්න, මම ලෑස්තියි යන්න” යනුවෙන් සෘජුවම ප්‍රකාශ කර ඇති බවත් අජිත් පී පෙරේරා මහතා පවසනවා. වගකිවයුත්තන් කවුදැයි දැනගැනීමට පුරවැසියන්ට අයිතියක් ඇති බැවින්, මෙම වීඩියෝ පට සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වහාම මුදාහරින ලෙස තමන් ආණ්ඩුවට අභියෝග කරන බවද ඔහු සඳහන් කළා. මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ මුදල් අයකර ගැනීමට නොහැකි වුවහොත් එම සමස්ත පාඩුව අවසානයේදී රටේ සාමාන්‍ය ජනතාවට දරන්නට සිදුවන බව පාර්ලිමේන්තු කාරක සභාවේදී පැහැදිලිවම ප්‍රකාශ කර ඇතැයි අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 සිද්ධියේදී මහා විශාල හොරකමක් සහ වංචාවක් සිදුව ඇතැයි කවුරුත් පිළිගත් බවට මහජන මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාද පසුගිය දින අදාළ කාරක සභා රැස්වීම අවසානයේදී, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණා. මෙම වංචාව හේතුවෙන් අහිමි වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල නැවත සොයාගැනීමට නොහැකි වුවහොත්, එම පාඩුව අවසානයේදී රටේ සාමාන්‍ය ජනතාවටම දැරීමට සිදුවන බවට ඔහු ප්‍රකාශ කළා. මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේදී, වංචා වූ මුදල් සොයාගත හොත් පමණක් එය පියවිය හැකි බවත්, නැතහොත් ඉතිරි මුදල ජනතාවගෙන් පියවා ගැනීමට සිදුවනු ඇතැයි ඔහු පිළිගත් බව හර්ෂ ද සිල්වා මහතා පැවසුවා. පල්ලේගම නඩුව ගැන සජීවනීට ලක්මාලි හේමචන්ද්‍ර බැනලා ළමා කතාවේ චෝදනාවලට ලක්මාලි හේමචන්ද්‍රගෙන් උත්තර

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/harsha-will-be-killed-if-the-hacker-video-is-released-ajith-p/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
මූල්‍යපාර්ලිමේන්තුවමෙරටහොරකම්හර්ෂඅජිත්
BestWeb.lk Top Web 2026 June Qualified