Breaking
සංගීත්ගේ ඩොලර් මිලියන 23 කතාවට නියෝජ්‍ය මුදල් ඇමතිගෙන් උත්තර
PoliticsNews19

සංගීත්ගේ ඩොලර් මිලියන 23 කතාවට නියෝජ්‍ය මුදල් ඇමතිගෙන් උත්තර

June 16, 2026·3 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ගේන අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේ ප්‍රවෘත්ති ව්‍යාජයි.
  2. 02සංගීත් විජේසූරිය හා ඔහුගේ මිතුරන්ට කිසිදු සම්බන්ධය ප්‍රකාශ නොවේ.
  3. 03ඩොලර් මිලියන 23 කට පෙර මාධ්‍ය සාකච්ඡාවකට හා සහභාගී වී සිටියේය.
  4. 04ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලබාදීමට සංගීත් විජේසූරිය නොගැනී සිටී.
  5. 05වෘත්තීය කළමනාකරණය යුවලක් පමණක් වශයෙන් ප්‍රවෘත්ති වෙත ලැබී ඇත.
  6. 06නිදසුනක් ලෙස මෙම කරුණු පදනම් වේ.
  7. 07නොමැති බව සහ සමාජ මාධ්‍යේ වැරදි ප්‍රකාශ ප්‍රවේශම අතින්.
  8. 08අමාත්‍යයාගේ කිහිපයක් විවිධ පැතිකඩ සමාජ මාධ්‍ය මත වර්ථමානයේ වී ඇත.

ජනප්‍රිය කලාකරු සංගීත් විජේසූරිය මහතා සහ ඔහුගේ මිතුරන් ලංකාවට ගෙන ඒමට සූදානම් වූ ඩොලර් මිලියන 23 ක ආධාර මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හේතුවෙන් ලබාගත නොහැකි බවට තමන් ප්‍රකාශ කළේ යැයි සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ නොමඟ යවන සුලු එකක් බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, එය තමන් විසින් කිසිදු අවස්ථාවක සිදුකරන ලද ප්‍රකාශයක් නොවන බවයි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (15) පැවැති දේශපාලන වැඩසටහනකදී අමාත්‍යවරයාගෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනිල් ජයන්ත මහතා කියා සිටියේ, මැතිවරණ ව්‍යාපාරයට පෙර පැවැති රැස්වීම් කිහිපයකදී සංගීත් විජයසූර්ය මහතාව දැක තිබුණද, ඉන් පසුව කිසිදු අවස්ථාවක ඔහුව හෝ ඔහුගේ මිතුරන්ව තමන්ට මුණගැසී නොමැති බවයි. එමෙන්ම මෙම ඩොලර් මිලියන 23 ක මුදල මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට හෝ වෙනත් කරුණකට ඔවුන් කිසිවෙකු තමන්ව හමු වී නොමැති බවද අමාත්‍යවරයා පැවසුවා. කෙසේවෙතත් තමා සහ තම මිතුරන් පිරිසක් එකතු වී ඩොලර් මිලියන 23 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉදිරිපත් වූ බවත්, එහිදී ජනාධිපතිවරයා විසින් එම කටයුත්ත මුදල් අමාත්‍යවරයා වෙත යොමුකළ බවට පසුගිය සති දෙකක කාලය තුළ කලාකරු සංගීත් විජේසූරිය මහතා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණා. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු අනිල් ජයන්ත මහතා කියා සිටියේ, ජනාධිපතිවරයා එම විෂය භාර අමාත්‍යවරයා ලෙස කාට හෝ කතාබහ කිරීමට සංගීත් විජේසූරිය මහතාට පැවසුවේද නැතහොත් එහි සැබෑ තත්ත්වය කුමක්ද යන්න තමන් නොදන්නා බවයි. එමෙන්ම ඒ පිළිබඳව සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි සංගීත් විජේසූරිය මහතාගෙන්ම විමසිය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. වත්මන් සමාජය තුළ වගකිවයුත්තන් සිදුනොකරන ලද ප්‍රකාශ, ඔවුන් විසින් සිදුකරන ලද ප්‍රකාශ ලෙස හුවා දක්වමින් වැරදි සහ නොමඟ යවන සුලු තොරතුරු සමාජගත කිරීමේ ප්‍රවණතාවක් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙනවා. මෙය එක් සිදුවීමක් පමණක් නොවන බවත්, තමන් සම්බන්ධයෙන් තවත් මෙවැනි වැරදි ප්‍රකාශ කිහිපයක්ම සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු දුටු බවත් අමාත්‍ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළා. යාළුවෝ දෙන්න හදපු ඩොලර් මිලියන 23, IMF නිසා ආණ්ඩුවෙන් ගන්න බැහැ කිව්වා – සංගීත් සංගීත්ගේ ඩොලර් මිලියන 23 කතාව ගැන නාමල් කට අරියි විදෙස් රටක ඉන්න ලාංකිකයන්ට මෙරටට ආධාර කරන්න IMF එකෙන් බාධාවක් නැහැ – මහබැංකුව මේ ආණ්ඩුව අල්ලන කුඩු ආයෙ වෙළඳපොළට එනවා – සංගීත් විජේසූරිය විෂ මත්ද්‍රව්‍ය එම ස්ථානවලම විනාශ කිරීමේ සූදානමක් සංගීත් ආණ්ඩුවට කිව්ව දේට නලින්දගෙන් උත්තරයක්

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/deputy-finance-minister-responds-to-sangeeths-23-million-story/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
අමාත්‍යසංගීත් විජේසූරියIMFදේශපාලනවැරදි ප්‍රකාශ
BestWeb.lk Top Web 2026 June Qualified