Breaking
ගෝඨාව අත්අඩංගුවට ගැනීම ගැන නලින්ද කියන දේ
PoliticsNews19

ගෝඨාව අත්අඩංගුවට ගැනීම ගැන නලින්ද කියන දේ

June 16, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්අඩංගුවට ගැනීම යටතේ විමර්ශන සිදුකෙරෙයි.
  2. 02දේශපාලන අවශ්‍යතා මත ප්‍රතිපත්තිය නියම කිරීමට යෝජනා නැත.
  3. 03පාස්කු ඉරිදා අසාවට අදාළ කරුණු රජයට අතුරුදන්ය.
  4. 04අමාත්‍යවරයා පැවසූයේ, පරීක්ෂණ පිළිබඳ කාර්යය පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ යන්නයි.
  5. 05අතුරුදන් වී ඇති හැටි ගැන විමසීම් සිදුවන බව නලින්ද ජයතිස්ස පවසයි.
  6. 06අමාත්‍යවරයා පැවසුවේ, විමර්ශන නිවැරදිව පැමිණේ නම්, භීතියක් ඇතිවිය හැක.
  7. 07හිටපු ජනාධිපත් අධිකරණයට හිමිවී හා රිට් පෙත්සම් ඉදිරිපත් කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම තීරණය වන්නේ දේශපාලන අවශ්‍යතාවන් මත නොව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන විමර්ශනවලදී හෙළිදරව් වන කරුණු සහ සාක්ෂි අනුව පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයාගේ ඇති සම්බන්ධය පිළිබඳව මේ මොහොතේ රජය සතුව කරුණු නොමැති වුවද, ඉදිරි නෛතික පියවර තීරණය කිරීම සම්පූර්ණයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුවන කාර්යයක් බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපතිවරයා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීම සහ ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. හිටපු ජනාධිපතිවරයා අධිකරණය හමුවට ගොස් ඇත්තේ, “සමහරවිට හොරාට කලින් කෙහෙල්කැනට පැන්නාද දන්නෙත් නැහැ.” යනුවෙන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා එහිදී කියා සිටියා. කෙසේවෙතත් පරීක්ෂණ සහ විමර්ශන සිදුවන ආකාරය මෙන්ම කරුණු හෙළිදරව් වන ආකාරය දෙස බැලීමේදී , එම විමර්ශන නිවැරදිව ඉදිරියට ඇදෙන විට එය තමන් දෙසට පැමිණෙනු ඇතැයි ඇතැම් පාර්ශවයන් තුළ භීතියක් ඇති විය හැකි බවත්, එවැනි භීතියකින් පසුවන අය මෙලෙස කටයුතු කරන බවත් ඔහු පෙන්වාදෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/what-nalinda-says-about-gotas-arrest/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ගොඨාභයඅත්අඩංගුවට ගැනීමනලින්ද ජයතිස්සපරීක්ෂණපාස්කු බෝම්බ ප්‍රහාරය
BestWeb.lk Top Web 2026 June Qualified