Breaking
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක.
PoliticsNewsfirst

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක.

June 16, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ජනාධිපති මාධ්‍ය අංශය විමර්ශන සිදුකරනු ලබන බව ප්‍රකාශිතයි.
  2. 02ගල් අඟුරු ගොඩබෑම සහ විදුලිය නිපදවීමේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන ලදී.
  3. 03මෙරට ගල් අඟුරු විදුලි ජනනයේදී නීතියේ විරෝධී ක්‍රියා පරීක්ෂා වෙයි.
  4. 04රාජ්‍යයට ආයතනික ගල් අඟුරු ආනයනය පිළිබඳ විමර්ශනයක් කරයි.
  5. 05ජනාධිපති අනුපත් කරන ලද කොමීෂන්, ප්‍රධාන පාලක මැදිරියට නැරඹීම් කරනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, විමර්ශන නිළධාරින් සිය සංචාරයේදී ගල් අඟුරු ගොඩබෑමේ සිට ගල් අඟුරු මගින් විදුලිය ජනනය කරන තෙක් වන සම්පූර්ණ ක්‍රියාවලිය නිරීක්ෂණය කළ බවයි.

ගල් අඟුරු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැඳි සාම්පල ලබා ගැනීම, නියැඳි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව ද විමර්ශන නිලධාරීන් නිරීක්ෂණය කර ඇතැයි සඳහන් වේ.

මෙරට ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට පසුගිය අප්‍රේල් 16 වැනිදායින් අවසන් වූ කාල සීමාවේ රජයට අයත් ගල් අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මගින් ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම කොමිෂන් සභාව පත් කළේ ය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/16/ගල්-අඟුරු-කොමිසම-නොර
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
ගල් අඟුරුවිදුලියවිමර්ශනය
BestWeb.lk Top Web 2026 June Qualified