Breaking
එල් නිනෝ ආවොත් එක්කෝ ලයිට් කපනවා, නැත්නම් බිල වැඩි කරනවා – අනිල් ජයන්ත
PoliticsNews19

එල් නිනෝ ආවොත් එක්කෝ ලයිට් කපනවා, නැත්නම් බිල වැඩි කරනවා – අනිල් ජයන්ත

June 16, 2026·5 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01රට තුළ නියඟ තත්ත්වයක් ඇති වීමේදී විදුලිය කපා හැරීම හෝ මිල වැඩි කිරීමෙන් විකල්ප මල්.
  2. 02නියෝජ්‍ය අමාත්‍යවරයා විදුලිය සැපයීමේ වගකීම පවතින බව චන්ද්‍රිකාවක්.
  3. 03ව්‍යපාරික පිරිවැය ඉහළ යෑම සමාජයට බලපාන සංඛ්‍යාතය.
  4. 04අවදානම් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවක් ඉදිරිපත් කරයි.
  5. 05සූර්ය සහ සුළං බලශක්තිය සඳහා රජය විවෘත ටෙන්ඩර් පියවර ගනී.
  6. 06ජාතික මට්ටමේ විශේෂඥ කමිටු එකතු කරුණා වෙයි.
  7. 07කෘෂිකර්මාන්තයට සහ ජලයට ප්‍රමුඛත්වය යොමු කරන ලෙස අගමැතිවරයා හුණු කරයි.

ඉදිරියේදී රට තුළ දරුණු නියඟ තත්ත්වයක් ඇති වුවහොත් රජය සහ මහජනතාව හමුවේ පවතින්නේ විකල්ප දෙකක් පමණක් බවත්, ඉන් පළමුවැන්න විදුලිය කපා හැර කළුවරේ සිටීම හෝ දෙවැන්න වැඩි පිරිවැයක් දරා විදුලිය ලබාගැනීම බවත් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ස්වභාවික හේතූන් මත පාලනය කරගත නොහැකි නියඟ තත්ත්වයක් මතු වුවහොත්, පවතින තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා මහජනතාවට කිසියම් මිලක් ගෙවීමට සිදුවනු ඇති බවයි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (15) පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින්, “එල් නිනෝ” අවදානම හමුවේ විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවන්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදියා නැඟූ සෘජු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, සමාජයක් පාලනය කිරීමේදී රජයක වගකීම වන්නේ මහජනතාව අපහසුතාවයට පත් නොකර අඛණ්ඩව විදුලිය සැපයීම බවයි. ඒ වෙනුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ ගියහොත්, අත්‍යවශ්‍ය ඖෂධවල මිල ඉහළ ගියද ඒවා මිලදී ගැනීමට සිදුවන්නා සේම, අනෙකුත් දේවල් කැප කර විදුලිය වෙනුවෙන් පිරිවැය දැරීමට සිදුවන බව අනිල් ජයන්ත මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව පිළිබඳව මෙහිදී කරුණු මතු වූ අතර, අධික පිරිවැයක් පැවතියද විදුලි ගාස්තු ප්‍රතිශෝධනය නොකිරීම හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ සිට පිරිවැය ආවරණය වන පරිදි මිල නියම කිරීමක් සිදුව නොමැති බව එම වාර්තාවේ සඳහන් වනවා. විදුලි පිරිවැය ඉහළ යාම සහ විදුලි නිෂ්පාදන සංයුතිය වෙනස් වීම මත පිරිවැය ආවරණය කරගැනීම සඳහා ඉදිරියේදී නව විදුලි ගාස්තු සංශෝධනයක් ඉදිරිපත් වීමට නියමිත බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබෙනවා. මේ පිළිබඳව පිළිතුරු දෙමින් අනිල් ජයන්ත මහතා කියා සිටියේ, පිරිවැය ආවරණය වීම දිනපතා හෝ සතිපතා සිදු නොවුණද, රජය කටයුතු කරන්නේ එකඟතාවලට අනුකූලව බවයි. මීට පෙර මාස තුනෙන් තුනට තිබූ ගාස්තු ක්‍රමවේදය මේ වන විට මාස හයක් දක්වා දීර්ඝ කර ඇති අතර, වසරක් වැනි කාල පරිච්ඡේදයක් තුළ ලාභ පාඩු සමහන් කරගැනීම වඩාත් ප්‍රායෝගික වන බව ඔහු පැවසුවා. ඉදිරි ණය වාරිකය ලබාගැනීමට පෙර, මහජන උපයෝගිතා කොමිසම අනුමත කළ පිරිවැය ගණනය කිරීමේ ක්‍රමවේදයට එකඟ වී ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නව සංශෝධනය පිළිබඳව ප්‍රකාශ කර ඇති බවත්, එමඟින් පූර්ව තීරණ වෙනස් කිරීමක් සිදු නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. කෙසේවෙතත් ලෝකයම අවධානයෙන් පසුවන “එල් නිනෝ” වියළි කාලගුණික තත්ත්වය හමුවේ කෘෂිකර්මාන්තයට සහ පානීය ජලයට ප්‍රමුඛත්වය දිය යුතු බැවින් විදුලිය ජනනය සඳහා ජල ඉංජිනේරුවන්ට වැඩිපුර වතුර නිකුත් කළ නොහැකි බවට මාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. එමෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ ධාරිතාවද බලාපොරොත්තු වන මට්ටමින් නොමැති පසුබිමක, ජල විදුලිය අඩුවුවහොත් සාපේක්ෂව ඉහළ මිලක් පවතින පොසිල ඉන්ධන මත යැපීමට සිදුවන බැවින් විදුලි බිල ඉහළ දැමීම වළක්වා ගත නොහැකි බව ඔහු විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, එල් නිනෝ තත්ත්වය පිළිබඳව පමණක් තනිවම අසුභවාදී වී විදුලි පද්ධතිය බිඳවැටෙන යන මතයේ රජය ක්‍රියා නොකරන බවයි. එල් නිනෝ තත්ත්වය නිසා වර්ෂාව මෙන්ම නියඟයද ඇතිවිය හැකි බැවින්, ඉදිරියේදී සිදුවන සැබෑ කාලගුණික වෙනස්වීම් මත මිල තීරණය වන බව ඔහු පවසනවා. කෙසේවෙතත් ඕනෑම ස්වාභාවික අභියෝගයකට පෙර සූදානමක් ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජාතික මට්ටමේ විශේෂඥ කමිටුවක් පත්කර, ප්‍රාදේශීය ලේකම්වරුන් දක්වා එම සැලසුම් ක්‍රියාවට නංවමින් පවතින බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. එමෙන්ම විදුලි නිෂ්පාදන පිරිවැය පල්ලෙහාට ගෙන ඒම සඳහා රජය සතු දිගුකාලීන උපායමාර්ගික සැලසුම් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා. ඒ අනුව සූර්ය බලශක්තිය සහ සුළං බලශක්තිය වැනි පුනර්ජනනීය ප්‍රභවයන් විවෘත ටෙන්ඩර් ක්‍රියාවලීන් හරහා අවම මිලකට ලබාගැනීමට රජය පියවර ගෙන ඇති බව ඔහු පවසනවා. ඒ අනුව මීට පෙර සූර්ය බලශක්තිය සඳහා ඩොලර් සත 8.26 කට ලබා දී තිබූ ටෙන්ඩරයක් අවලංගු කර, විවෘත ටෙන්ඩර් මඟින් එය ඩොලර් සත 3 ක් වැනි අඩු මිලකට පිරිනැමීමට දැනටමත් කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා. මීට අමතරව සූර්ය බලශක්තිය දවල් කාලයට පමණක් සීමා වීම නිසා එය ජාතික පද්ධතියට එකතු කරගැනීමේදී පැවැති තාක්ෂණික ගැටලුවට විසඳුමක් ලෙස, රජය විසින් මෙගාවොට් 160 ක ධාරිතාවකින් යුත් බැටරි ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීමට වේගවත් තීන්දුවක් ගත් බවත්, එහි ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/if-el-nino-comes-either-the-lights-will-be-cut-or-the-bill-will-be-increased-anil-jayantha/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
විදුලියනියඟසූර්ය බලශක්තියසුළං බලශක්තියඅමාත්‍යංශය
BestWeb.lk Top Web 2026 June Qualified