Breaking
ඊ.පී.එෆ් -ඊ.ටී.එෆ් ඒකාබද්ධ පාලන රාමුවකට
PoliticsLankadeepa

ඊ.පී.එෆ් -ඊ.ටී.එෆ් ඒකාබද්ධ පාලන රාමුවකට

June 16, 2026·3 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කැබිනට් අනුමැතියෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පත් කරනු ලැබිला.
  2. 02සේවක අර්ථසාධක අරමුදල 2.5 මිලියන සාමාජිකයින්ට සහාය දක්වයි.
  3. 03ශ්‍රී ලංකා මහ බැංකුව ආපසු වූ වත්කම් කළමනාකරණය කරයි.
  4. 04සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකයින් 3 මිලියන ඉක්මවයි.
  5. 05ත්‍රෛපාර්ශ්වික පාලනය සමාජ ආරක්ෂාව සුරක්ෂිත කරයි.
  6. 06නීතිමය සහ මුල්‍යමය ආරක්ෂාවක් ලබා දිය යුතුය.

(අංජුල මහික වීරරත්න)

සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට අදාළ සියලු කාර්යයන් ඒකාබද්ධ පාලන රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ ස්ථාපිත සේවක අර්ථසාධක අරමුදල මඟින් සාමාජිකයන් මිලියන 2.5කට අධික සංඛ්‍යාවක් ආවරණය කරනු ලබන අතර, එහි වත්කම් රුපියල් ට්‍රිලියන 4.9 ඉක්මවනු ලබයි.

සේවක අර්ථ සාධක අරමුදලේ භාරකාරිත්වය, ආයෝජන කළමනාකරණය, මුල්‍ය පරිපාලනය සහ සාමාජික ප්‍රතිලාභ ගෙවීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වන අතර, සේවා යෝජකයින් සහ සේවකයින් ලියාපදිංචි කිරීම, අනුකූලතාව බලාත්මක කිරීම, හිඟ මුදල් අය කර ගැනීම සහ පනත යටතේ සේවක අයිතිවාසිකම් නීතිමය වශයෙන් ආරක්ෂා කිරීමේ වගකීම කම්කරු දෙපාර්තමේන්තුව සතු වේ.

1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත මඟින් පිහිටුවන ලද සේවා නියුක්තයන්ගේ භාර අරමුදල, සේවායෝජකයින් සහ සේවකයින් නියෝජනය කරනු ලබන ත්‍රෛපාර්ශ්වික මණ්ඩලයක් මඟින් පාලනය වේ.

එකී අරමුදල මඟින් මේ වන විට ක්‍රියාකාරී සාමාජිකයින් මිලියන 3 කට අධික සංඛ්‍යාවක් ආවරණය වන අතර, එහි වත්කම් ප්‍රමාණය බිලියන 637.5 ක් ඉක්මවා ඇත. සමාජ ආරක්ෂණය සඳහා ත්‍රෛපාර්ශ්වික පාලනයක් පැවතීම ජාත්‍යන්තරව පිළිගත් හොඳම පිළිවෙතක් වන අතර, එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ප්‍රවර්ධනය කරනු ලබන මූලික මූල ධර්මයකි. එබැවින්, සාමාජිකයන්ගේ වත්කම් පිළිබඳව පූර්ණ නීතිමය සහ මුල්‍යමය ආරක්ෂාව තහවුරු කරමින් ජාත්‍යන්තර හොඳම පිළිවෙත් හා අනුකූලව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සියලු කාර්යයන් රජය, සේවා යෝජකයින් සහ සේවකයින් නියෝජනය කරන ත්‍රෛපාර්ශ්වික මණ්ඩලයක් යටතේ ඒකාබද්ධ පාලන රාමුවක් යටතට පත් කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ඊ-ප-එෆ-ඊ-ට-එෆ-ඒකබදධ-පලන-රමවකට/101-693635
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
කැබිනට්සේවක අර්ථසාධකඅරමුදල්තෘත්වික පාලනයශ්‍රී ලංකා
BestWeb.lk Top Web 2026 June Qualified