Breaking
ඉන්දීය රජයෙන් මෙරට යුද හමුදාවට වෛද්‍ය උපකරණ
PoliticsLankadeepa

ඉන්දීය රජයෙන් මෙරට යුද හමුදාවට වෛද්‍ය උපකරණ

June 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය ශක්තිමත් වීම.
  2. 02ඉන්දියානු රජය ශ්‍රී ලංකාවට $5 මිලියන ආරක්ෂක උපකරණ පරිත්‍යාග කළේය.
  3. 03ආරක්ෂක ලේකම්ට උපකරණ භාර දුන්නා.
  4. 04ශක්තිමත් සබඳතා වර්ධනය ගැන ඉන්දීය මහ කොමසාරිස් කියා සිටියේය.
  5. 05විවිධ ආරක්ෂක සහයෝගීතාවක් ඇති බවද ඔහු පෙන්වා දුන්නා.
  6. 06සාගර් බන්ධු මෙහෙයුම යටතේ ඉන්දියාව මානුෂීය සහයෝගය ලබා දුන්නා.

(ගයාන් සූරියආරච්චි)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දීය රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක වටිනාකමින් යුත් ආරක්ෂක සහ වෛද්‍ය උපකරණ තොගයක් යුද හමුදාවට පරිත්‍යාග කළේය.

අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්ත (විශ්‍රාමික) වෙත නිල වශයෙන් එම උපකරණ භාර දුන්නේය. එම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ද එක්ව සිටියේය.

උත්සව සභාව අමතමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සඳහන් කළේ, මෙම පරිත්‍යාගය දෙරටේ සන්නද්ධ හමුදා අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතාවයේ තවත් ප්‍රතිඵලයක් බවයි.

පුහුණු අවස්ථා සහ මානුෂීය ආධාරවලින් ඔබ්බට ගොස් ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ හමුදා උපකරණ සැපයීම දක්වා දෙරටේ ආරක්ෂක සහයෝගීතාව ව්‍යාප්ත වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, “සාගර් බන්ධු” මෙහෙයුම යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ඉන්දියාව විසින් කඩිනමින් ලබාදුන් මානුෂීය සහයෝගය ද සිහිපත් කළ මහ කොමසාරිස්වරයා, එහිදී සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම්, වෛද්‍ය ආධාර සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් සමඟ සමීපව සම්බන්ධීකරණය කරමින් සිදුකළ බව පැවසීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/ඉනදය-රජයන-මරට-යද-හමදවට-වදය-උපකරණ/1-693648
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ශ්‍රී ලංකාවඉන්දියාවමිතුරත්වයආරක්ෂකමුදල්
BestWeb.lk Top Web 2026 June Qualified