Breaking
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා-අජිත් පී පෙරේරා
PoliticsLankadeepa

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා-අජිත් පී පෙරේරා

June 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අධිකරණ නිලධාරීන් පුරප්පාඩු පිරවීම ප්‍රමාද නම් විශ්වාසභංගය.
  2. 02අජිත් පී පෙරේරා මහතා නිවැරදි සම්බන්ධතා පැවැතිනම් 113 මන්ත්‍රීවරුනුන් ඇතුළුව ඇත.
  3. 03ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය හැකියාවක් තිබේ.
  4. 04මාධ්‍යසෙනික් සමාගම සමඟ සංවාදයක් සිදු කෙරිණි.
  5. 05අධිකාරීන් නැති වීමෙන් කටයුතු අඩපණ වේ.
  6. 06පාර්ලිමේන්තු ගිවිසුම සම්බන්ධයෙන් පැවැති ප්‍රශ්න කිහිපයක්.

(සුජිත් හේවාජුලිගේ)

ඉහළ උසාවිවල නඩුකාරවරුන් අට දෙනාගේ පුරප්පාඩු පිරවීම තවදුරටත් ප්‍රමාද කළහොත් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම සඳහා ආරම්භයක් දීමට මන්ත්‍රීවරුන් 113 ක් නොමැති හෙයින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හැකියාව පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සංවාදයකදීය.

එහිදී එම සංවාදය මෙහෙයවූ මාධ්‍යවේදියකු" එහෙම ගෙනාවොත් කතානායකතුමා බාරගනීවිද" යනුවෙන් විමසූ අතර ඊට පිළිතුරු දුන් අජිත් පී පෙරේරා මහතා පැවසුවේ “අපි ඒක ඒ වෙලාවට බලාගන්නම්" යනුවෙනි

අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බවත් ජනතාවගේ බලය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය හරහා බවත් ඔහු පැවසීය.

නඩුකාරවරුන් පත් නොකිරීමෙන් එම කටයුතු අඩපණ වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමා මෙම කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ප්‍රශ්න කළ බවත් පාර්ලිමේන්තුවේදීද තුන් වතාවක් කතා කළ බවත් පෙරේරා මහතා පැවසීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/ආණඩවට-එරහව-වශවසභගයක-ගනව-අජත-ප-පරර/1-693647
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
විශ්වාසභංගයඅධිකරණයජනාධිපතිඅජිත් පෙරේරාපාර්ලිමේන්තුව
BestWeb.lk Top Web 2026 June Qualified