Breaking
අයවැය අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට
PoliticsLankadeepa

අයවැය අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

June 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අවසන් අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව කැබිනට් අනුමැතිය ලැබී ඇත.
  2. 02වසර 2025 වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
  3. 03රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ වාර්තාව නිකුත් වේ.
  4. 04රාජ්‍ය ආදායම හා වියදම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඇත.
  5. 05මූල්‍ය ප්‍රවාහ කළමනාකරණය හා ණය ව්‍යුහය අන්තර්ගත වේ.
  6. 06වෙනත් ආර්ථික ප්‍රවණතා හා දර්ශකයන් විග්‍රහයට යොමු වේ.
  7. 07අමාත්‍ය මණ්ඩලය වාර්තාව අනුමත කර ඇත.

(අංජුල මහික වීරරත්න)

අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) - 2025 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 51 වන වගන්තියෙහි විධිවිධාන අනුව, එක් එක් මුදල් වර්ෂය සඳහා අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් මහජනතාව වෙත නිකුත් කරනු ලැබිය යුතු අතර, එම වාර්තාව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කරනු ලැබිය යුතු වේ.

එසේම, එකී වාර්තාව පාර්ලිමේන්තුව වෙත ද ඉදිරිපත් කළ යුතු වේ. අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) - 2025 මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කර ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, ක්‍රමෝපායන් හා අභියෝග, 2025 වසරේ ආර්ථික ප්‍රවණතා, ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන සාර්ව ආර්ථික හා සමාජ - ආර්ථීක දර්ශකයන් සහ ගෝලීය ආර්ථික වර්ධනයන් පිළිබඳව විග්‍රහයක් එකී වාර්තාවේ අන්තර්ගත වේ. එමෙන්ම, රජයේ ආදායම හා වියදම, මූල්‍ය ප්‍රවාහ කළමනාකරණය, අයවැය හිඟය මුල්‍යනය කිරීම සහ ණය ව්‍යුහය ඇතුළත් සවිස්තරාත්මක විග්‍රහයක්ද එහි ඇතුළත් කරනු ලැබ ඇත.

ඒ අනුව, අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) - 2025 පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අයවය-අවසන-වරතව-පරලමනතවට/1-693632
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අයවැයවාර්තාවරාජ්‍ය මූල්‍යපාර්ලිමේන්තුව2025
BestWeb.lk Top Web 2026 June Qualified