Breaking
AL කලා කරපු යෝෂිත නාවික හමුදාවට ගියේ කොහොමද?, රජයේ වියදමින් බ්‍රිතාන්‍ය නාවික හමුදා පුහුණුවකුත් - යෝෂිතට අල්ලස් කොමිසමෙන් කැඳවීම්
PoliticsNewsfirst

AL කලා කරපු යෝෂිත නාවික හමුදාවට ගියේ කොහොමද?, රජයේ වියදමින් බ්‍රිතාන්‍ය නාවික හමුදා පුහුණුවකුත් - යෝෂිතට අල්ලස් කොමිසමෙන් කැඳවීම්

June 16, 2026·2 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01යෝෂිත රාජපක්ෂ අභියාචනාධිකරණයට පැමිණීමට අවශ්‍යය.
  2. 02අල්ලස් වාර්තා පරීක්ෂණයක් ආරම්භ වී පවතී.
  3. 03අද අල්ලස් කොමිසමට පැමිණීමේදී නාවික හමුදාපති කැඳවා ඇත.
  4. 04මූලික සුදුසුකම් සම්බන්ධ ගැටලු හෙළි වී ඇත.
  5. 05යෝෂිත රාජපක්ෂගේ උපෙන් විෂය ධාරාව අසමත්වී තිබේ.
  6. 06අලුත් නිවේදන පළ කර බඳවා ගැනීම් සිදු කෙරිණි.

ඔහු කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත්තේ අද දිනයේ අභියාචනාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීමට අවශ්‍යව ඇති බවයි.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදී බ්‍රිතාන්‍යයේ පුහුණුව ලැබීමට අදාළව සිදුවූ ක්‍රියාවළිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අද(16) පැමිණීමට නොහැකි බව දැනුම්දීමෙන් පසුව අල්ලස් කොමිසම යෝෂිත රාජපක්ෂට හෙට(17) දිනයේ පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.

මේ අතර මෙම සිදුවීමට අදාළව එවක නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ද අද අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහෙත් ඔහු පවසා ඇත්තේ, කැඳවීමට අදාළ ලිපිය තමන්ට ලැබී නොමැති බවයි.

ඒ අනුව, වසන්ත කරන්නාගොඩට ලබන සතියේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ.

2006 වසරේ සැප්තැම්බර් මාසයේ දිනක එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියෙන් යෝෂිත රාජපක්ෂ එම ඇකඩමියට බඳවා ගත හැකිදැයි විමසා ලිපියක් යවා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් එම ඇකඩමිය එම වසරේ නොවැම්බර් මාසයේ දිනක දැනුම් දී ඇත්තේ, අදාළ ඉල්ලීම ඉටු කළ හැකි බවයි.

නමුත් බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමිය ඒ සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් ලබානොදී ගෙවීමක් කළ යුතු බව දැනුම්දී තිබේ.

අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලට අනුව, යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදීමේදී මූලික සුදුසුකම් සම්බන්ධයෙන්ද ගැටලුවක් ඇතැයි හෙලිවී තිබේ.

යෝෂිත රාජපක්ෂ බැඳුණු ආකාරයට නාවික හමුදාවට බඳවා ගන්නා කෙඩෙට් නිලධාරියෙකු උසස් පෙළ විභාගය ජීව විද්‍යා හෝ ගණිතය විෂය ධාරාවෙන් සමත් වී තිබිය යුතුයි!.

කොමිසම කළ විමර්ශනයේදී හෙලිවී තිබෙන්නේ යෝෂිත රාජපක්ෂ කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා තිබීම හේතුවෙන් මුලින් අදාළ තනතුරට බඳවා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ කළ සුදුසුකම් සංශෝධනය කර නැවත දැන්වීම් පළ කර බදවා ගැනීම සිදුකර ඇති බවයි.

මීට අමතරව දෙසැම්බර් මාසයේ බඳවා ගැනීම සිදුකරන අවස්ථාවේ සාමාන්‍ය පෙළ සුදුසුකමක් සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති අතර එය ද සංශෝධනය කර ඇත්තේ, යෝෂිත රාජපක්ෂගේ සුදුසුකම්වලට සමාන වන ආකාරයෙන්.

එලෙස නාවික හමුදාවට බඳවා ගෙන ඇති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ 2007 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් වසර එක හමාරකට අධික කාලයක් බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියේ පුහුණුව ලබා ඇත්තේ රජයේ වියදමින් ය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/16/al-කලා-කරපු-යෝෂිත-නා
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
අල්ලස්යෝෂිත රාජපක්ෂනාවික හමුදාවවිභාගසම්බන්ධතා
BestWeb.lk Top Web 2026 June Qualified