Breaking
වැඩක් නොගන්නා ඉඩම් වල නව ආයෝජන
PoliticsLankadeepa

වැඩක් නොගන්නා ඉඩම් වල නව ආයෝජන

June 16, 2026·3 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01චක්‍රලේඛ සංශෝධන කමිටුවක් පත්වූවා.
  2. 02ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්විණි.
  3. 03කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ප්‍රධානී වේ.
  4. 04රාජ්‍ය ආදායම් වර්ධනය කටයුතු කරන්නෙහි.
  5. 05අරමුදු ආදායම් දැක්මකට යොමුකිරීම.
  6. 06නීතිමය ප්‍රතිපාදන යාවත්කාලීන කිරීමට පියවරයක්.
  7. 07නව නියෝග සහ චක්‍රලේඛ නිර්දේශ කිරීමට සැලසුම්.

(අංජුල මහික වීරරත්න)

රජයේ ඉඩම් ආඥා පනතට සහ ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ අවලංගු කළ යුතු චක්‍රලේඛ අවලංගු කරමින් නව චක්‍රලේඛ නිකුත් කිරීමට සහ සංශෝධනයට ලක් කළ යුතු චක්‍රලේඛ වර්තමානයට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ලබා දීම සඳහා පත් කළ චක්‍රලේඛ සංශෝධන කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති කාර්යාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ව්‍යවස්ථාපිත කටයුතු අංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා, ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති උපදේශක, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්, කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉඩම්), ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස්, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්, තක්සේරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන තක්සේරුකරු සහ මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂවරයා (ඉඩම්) කටයුතු කරති.

කමිටුවේ කැඳවුම්කරු ලෙස ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා පත් කරනු ලැබ සිටී. පවත්නා නෛතික ප්‍රතිපාදන තුළ රාජ්‍ය ආදායම් හිතකර අයුරින් වර්ධනය වන ලෙස බදුකරුවන් අගතියට පත් වීමකින් තොරව බදු අය කිරීමේදී විශ්වාසනීය, ඒකාකාරී සහ නිත්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා දීර්ඝකාලීන බදු ලබා දීමේදී සහ නිදහස් දීමනාපත්‍ර නිකුත් කිරීමේදී අය කරනු ලබන වාර්ෂික බදු මුදල් නැවත සමාලෝචනය කිරීම, දීර්ඝකාලීන බදු ලබා දීම්වලට අදාළ අනෙකුත් චක්‍රලේඛවල වර්තමානයට අදාළ ගැළපුම් සිදු කිරීම, එම චක්‍රලේඛ අවශ්‍යතාවලට සහ නීතිමය ප්‍රතිපාදනවලට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම, චක්‍රලේඛවලට අදාළ නියෝග සංශෝධනය කිරීම සහ නව නියෝග සකස් කිරීම සඳහා නිර්දේශ ලබාදීම මෙම කමිටුවේ කාර්යභාරය වේ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/වඩක-නගනන-ඉඩම-වල-නව-ආයජන/1-693651
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
චක්‍රලේඛඅමාත්‍යංශයජනාධිපතිකමිටුඅදායම්
BestWeb.lk Top Web 2026 June Qualified