
මහා ජල ගැල්මට හසුවී, නේපාලයේ උමගක් තුළ සිරවී සිටි, ජල විදුලි බලාගාර සේවකයන් දෙදෙනකු දින 8 කට පසු බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
උමග තුළ සිරවී සිට මුදා ගැනීමට හැකිවූයේ ‘ත්‍රිශූලි 3 ඒ’ නමැති ජලවිදුලි ව්‍යාපෘතියට අදාළ බලාගාරයේ සේවය කළ 30 හැවිරිදි සංජේ ෂා සහ 45 හැවිරිදි කබීර් මහාර්ජන් යන දෙදෙනාය. මේ බව නේපාල ස්වදේශ කටයුතු අමාත්‍ය සුදාන් ගුරුං මාධ්‍ය හමුවේ තහවුරු කර ඇත.
පසුගිය අගෝස්තු 26 වැනිදා ග්ලැසියරයක් කඩා වැටීමෙන් හටගත් එම මහා ජල කඳ පහළ නිම්නය දිගේ ටිබෙටය හරහා නේපාලයට ගලා ආවේ හසුවන සියල්ල සුනු විසුණු කරමිණි.
එම ව්‍යසනයෙන් මේ වන විට පුද්ගලයන් 1,250 කට වැඩි පිරිසකගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර, තවත් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන්ව බව පැවැසෙයි.
උමං මාර්ග කිහිපයක තවත් සේවකයන් 100 කට ආසන්න පිරිසක් සිරවී සිටින බවට විශ්වාස කෙරෙන අතර දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් සිදුවන බව වදේශ කටයුතු අමාත්‍ය සුදාන් ගුරුං මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කියා සිටියේය.
