
(දයාරත්න ඇඹෝගම)
ඇතෙකුගේ දළ වලින් ලබාගත් ගජමුතු දහයක් රුපියල් නව කෝටියකට විකිණිමට තැත්කල පුද්ගලයන් තිදෙනකු ගජමුතු හා මෝටර් රථයක් සමග අනුරාධපුර පුජා පෙදෙසේදි අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල,අම්පාර හා අගුණකොලපැලස්ස යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26ත් 33ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
රාජ්‍ය බුද්ධි සේවාවේ අනුරාධපුර ඒකකයට ලද තොරතුරකට අනූව පොලිසිය විසින් මෙම වැටලිම සිදුකොට තිබුණි.
එම තොරතුරු අනුව මෙම සැකකරුවන් උපාය දුතෙකු යොදවා අනුරාධපුර පුජා භුමිය ප්‍රදේශයට ගෙන්වා ගජමුතු හා මෝටර් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
