
නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුළින් යුතුව හෙළාදකින බව එම පක්ෂය පවසනවා. එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ ප්රධානත්වයෙන් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණින් බවයි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට වටා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්රජාතන්ත්රවාදී අයිතිය නාමල් රාජපක්ෂ මහතාටද හිමි බව එම පක්ෂය සඳහන් කරනවා. එම ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම උදුරා ගැනීම නූතන ශිෂ්ට සම්පන්න සමාජය කිසිසේත් අනුමත නොකරන බවද එක්සත් ජාතික පක්ෂය පවසනවා. එවැනි ක්රියා හේතුවෙන් වත්මන් ආණ්ඩුවට ජනතා සහයෝගය දිනෙන් දින පිරිහෙමින් පවතින බවද එම නිවේදනයේ සඳහන්. අත්අඩංගුවට ගැනීම් හරහා ජනතා නායකයින්ට ඇති ප්රසාදය නැති කළ නොහැකි බව රජයට අවධාරණය කරන බවද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කරනවා. එම නිවේදනය පහතින්, Special-Statement_20260904_140120_733 Download
