
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් තම අත්අඩංගුවට ගැනීම සහ රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට කාදිනල් හිමි ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය අගෝස්තු 4 සහ 6 යන දින නියම කර තිබෙනවා. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු පාර්ශ්ව අටක් විසින් මෙම අතරමැදි පෙත්සම් ගොනු කර තිබෙනවා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා හමුවේ අද(17) පෙත්සම කැඳවුවා. එහිදී ඒ මහතා දැනුම් දුන්නේ, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ කරුණු දැක්වීම අවසන් වූ පසු මෙම මැදිහත්වීම් සම්බන්ධයෙන් තීරණයක් සලකා බලන බවයි. ඒ අනුව, සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය මත අදාළ අතරමැදි පෙත්සම් විභාගය අගෝස්තු 4 සහ 6 යන දිනවල සිදු කිරීමට අධිකරණය නියම කළා.
