
හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මෙය සියදිවි නසාගැනීමක්දැයි සැක කරන බවටද පොලීසිය සදහන් කරනවා. වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයායි. වික්‍රමරත්න මහතාව 2020 නොවැම්බර් මස වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලද අතර, පසුව 2021 මාර්තු මස ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස නිල වශයෙන් පත් කරනු ලැබූවා. ඔහු පොලිස්පති ධූරය දරණ කාලය තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වය, අරගලය හේතුවෙන් රටපුරා පැවති විරෝධතා වැනි අභියෝග රැසකට මුහුණ දීමට සිදුවීමද විශේෂත්වයක්.
