Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
ලෝක බෞද්ධ සම්මේලනය දින පහක් ලංකාවේ
WorldLankadeepa

ලෝක බෞද්ධ සම්මේලනය දින පහක් ලංකාවේ

July 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණ.
  2. 02සැමරුම නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා පැවැත්වේ.
  3. 03රටවල් 50ක භික්ෂු-භික්ෂුණීන් සහභාගී වේ.
  4. 04ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 5000ක් සහභාගී වේ.
  5. 05සාකච්ඡාවට රාජ්‍ය නිලධාරීහුද සහභාගී වුණා.

(අංජුල මහික වීරරත්න)

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල පැවැත්වීම සම්බන්ධ සංවිධාන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සැමරුම නොවැම්බර් 28 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර, එය දෙසැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වේ.

මෙම සම්මේලනයට ථේරවාද, මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂු-භික්ෂුණීන් වහන්සේලා සහ ගිහි නියෝජිතයෝ 600කට ආසන්න පිරිසක් ද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය 5000කට ආසන්න පිරිසක් ද සහභාගී වීමට නියමිතය.

ලෝක බෞද්ධ සංඝ සම්මේලන සංවත්සර සංවිධායක කමිටුවේ සභාපති ආචාර්ය සාහිත්‍යසූරී බෝදාගම චන්දිම හිමි, එහි ප්‍රධාන ලේකම් මාඉටිපේ විමලසාර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද රාජ්‍ය නිලධාරීහුද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ලක-බදධ-සමමලනය-දන-පහක-ලකව/101-695001
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
බෞද්ධismසම්මේලනයශ්‍රී ලංකාවිශ්වවිදියාලයසංවිධානය
BestWeb.lk Top Web 2026 June Qualified