Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
රාජ්‍ය පරිපාලනය, මානව හිමිකම් කෝ? මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මෙතරම් බලයක්?
WorldNews19

රාජ්‍ය පරිපාලනය, මානව හිමිකම් කෝ? මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මෙතරම් බලයක්?

July 16, 2026·4 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01පමණි ජුනි 23 දා කාමරයක් උකුස්සියෙන් යතුරු බලහත්කරණය.
  2. 02භාණ්ඩ වෙනස්කිරීමේ කතාබහක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
  3. 03රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පොලිසියක් පැමිණිලි කර තිබේ.
  4. 04නීති විරෝධී යතුරු භාරගැනීම ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රතික්ෂේප කළා.
  5. 05යුගදිවිය සර්වෝත්තමානම් පමණි පනස් වෙනස්කම් ඇතුලූ යෝජනා.
  6. 06හතුරු වාසය නීතිපති අත්වැල කරන බවයි දැක්වේ.
  7. 07ඉහළ පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීම අවශ්‍යයි.

පසුගිය ජුනි 23 වනදා මහනුවර දිසාපතිවරයාගේ නියෝග පරිදි යැයි පවසමින් පැමිණි පිරිසක්, කිසිදු තොග ගණනය කිරීමකින් තොරව රාජකාරි වේලාවෙන් පසුව මෙම කාමර මුද්‍රා තබා යතුරු රැගෙන ගොස් තිබුණා. ඊට පසු දින අදාළ යතුරු බලහත්කාරයෙන් භාර දීමට උත්සාහ කර ඇති අතර, එහිදී කාමරවල තිබූ භාණ්ඩ වෙනස් කර ඇති බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ කතාබහක් නිර්මාණය වුණා. මේ සම්බන්ධයෙන් උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරිය පොලිසියට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණිලි කර තිබූ අතර, ගම්පොල පොලිස් ස්ථානාධිපතිවරයා මුලින් විමර්ශන පැහැර හැරියද පසුව ඉහළ පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීම මත පරීක්ෂණ අරඹා තිබෙනවා. පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් ප්‍රාදේශීය ලේකම්වරියට යතුරු භාරගන්නා ලෙස දැනුම් දුන්නද, ඇය එය නීති විරෝධී බව පවසමින් ප්‍රතික්ෂේප කර ස්වාධීන විමර්ශනයකට සූදානම් බව ලිඛිතව දන්වා තිබුණා. කෙසේ වෙතත්, ඇයව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති අතර, වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කීර්ති වීරසිංහ මහතා පත් කර තිබුණා. වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණීමෙන් පසු, පසුගිය 2025 දෙසැම්බර් මාසයට පෙරදාතම කරන ලද ව්‍යාජ තොරතුරු සහිත ලිපියකට අත්සන් තබන ලෙස නිලධාරීන්ට බලපෑම් කර ඇතත් ඔවුහු එය ප්‍රතික්ෂේප කර තිබෙන බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහත පෙන්වා දෙනවා. තවද, රැගෙන ගිය බඩු බෙදාදීමේ මුල් ලේඛන නිසි ක්‍රමවේදයකින් තොරව සමෘද්ධි නිලධාරිනියකට භාර දීමටද පියවර ගෙන තිබෙනවා. පසුගිය 13 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැමිණ දින 20කට පමණ පසු කාමර විවෘත කර භාණ්ඩ නැවත ගණනය කිරීමේදී මුල් ලේඛනවලට වඩා එහි වෙනස්කම් පවතින බව අනාවරණය වී ඇති බවත්, පසුගිය 14 වැනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීන් පැමිණීමට නියමිතව තිබූ අතර, ඊට පෙර මෙලෙස කාමර විවෘත කිරීම හිටපු ප්‍රාදේශීය ලේකම්වරිය කොටු කිරීමේ හෝ දිසාපතිවරයා බේරාගැනීමේ පූර්ව සූදානමක් බවට බරපතල සැකයක් මතුව තිබෙන බවත් තරිඳු ජයවර්ධන මහතා සඳහන් කරනවා. දිසාපතිවරයාට එරෙහිව බරපතල චෝදනා එල්ල වෙද්දී, ඔහුගේම නිලධාරීන්ට විමර්ශන සඳහා අඛණ්ඩව මැදිහත් වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉඩ දී තිබීම ගැටලුසහගත බවත්, මෙය සාධාරණ පරීක්ෂණයක් නොව පෞද්ගලික පළිගැනීමක් බව පෙනී යන බැවින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා, රාජ්‍ය සේවා කොමිසම, අල්ලස් කොමිසම සහ මානව හිමිකම් කොමිසම වහාම මැදිහත් වී ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතු බවට ක්ෂේත්‍රයේ දැඩි ඉල්ලීමක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/where-are-the-public-administration-authorities-the-human-rights-commission-does-the-kandy-district-secretariat-wield-such-immense-power/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ගමනාතුරපොලිස්රාජ්‍ය පරිපාලනවිමර්ශනඅල්ලස්
BestWeb.lk Top Web 2026 June Qualified