Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
මෙරට පහෙන් එකක් බඩ ගින්නේ
BusinessLankadeepa

මෙරට පහෙන් එකක් බඩ ගින්නේ

July 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලාංකිකයන් පහෙන් එකට දුප්පත්තියක් පීඩා වනවා.
  2. 02පුද්ගලයින්ට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම අපහසුයි.
  3. 03වැටුප් ස්ථාවරය වත්මන් සිද්ධීන්ට සාර්ථකයි.
  4. 04කැමතිකම් මැදින් තවමත් ප්‍රථම ආර්ථික අර්බුදෙට අසීමිතයි.
  5. 05අනුගමනය කළ යුතු ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක යුතුයි.
  6. 06පුද්ගලික අංශයේ රැකියා තාක්ෂණ ප්‍රමුඛ වේ.
  7. 07ආර්ථිකය යථා තත්වයට ප්‍රවේශයට යාම ගැටළු ඇති.
  8. 08කාන්තාවන්ට වැඩ සොයා ගැනීමට කැපී පෙනේ.

(විමුක්ති එස් රුද්‍රිගු)

තවමත් සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දුප්පත්කමින් පීඩා විඳින බවත් මෙරට පවුල්වලින් තුනෙන් එකකට පෝෂ්‍යදායී ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට නොහැකි වී තිබෙන බවත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු කළමණාකාරු ගෙවෝර්ග් සාර්ගසියාන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත්කිරීම යනු කරුණු දෙකක් බවත් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට එම වෙනස දිනපතා වැටහෙන බවත් ඔහු පැවැසුවේය. වැටුප් තල යථා තත්වයට පත්වෙමින් තිබුණත් බොහෝ පුද්ගලයන්ගේ වැටුප තවමත් ආර්ථික අර්බුදයට කලින් තිබූ තත්වයට පැමිණ නැති බවද ලෝක බැංකු කළමණාකාරවරයා ප්‍රකාශ කළේය. තවමත් රැකියා වෙළෙඳපොළ සාමාන්‍ය තත්වයට පැමිණ නැති බවත් විශේෂයෙන් කාන්තාවන්ට එය දැනෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව වලෙන් ගොඩට පැමිණ ඇති නමුත් මෙරට ආර්ථිකය යථා තත්වයට පත්කිරීමේ ගමන් තවමත් අවසන්වී නොමැති බවද ඔහු පැවැසුවේය. දිට්වා සුළි කුණාටුව සහ මැද පෙරදිග අර්බුදය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට යන ගමන අසීරු කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ගමන් මාර්ගයේ මීළඟ අදියර වඩාත් වැදගත් වන්නේ එමනිසා බවද ඔහු පැවැසුවේය.

මෙරට ලබාගෙන ඇති ආර්ථික ප්‍රගතිය පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිතයට දැනෙන බව සහතික කරන අතරතුර ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ සඳහා පුද්ගලික අංශය ප්‍රමුඛතාවය ගත් රැකියා උත්පාදනය කඩිනම් කළ යුතු බවද සාර්ගසියාන් මහතා පැවැසුවේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/මරට-පහන-එකක-බඩ-ගනන/1-694986
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ආර්ථිකයදිවයිනදුප්පත්කමවැටුප්ප්‍රතිසංස්කරණය
BestWeb.lk Top Web 2026 June Qualified