Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
මියන්මාර මුහුදු සීමාවේ බෝට්ටු අනතුරක් – 500කට වැඩි පිරිසක් අතුරුදන්
WorldNews19

මියන්මාර මුහුදු සීමාවේ බෝට්ටු අනතුරක් – 500කට වැඩි පිරිසක් අතුරුදන්

July 16, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මියන්මාර මුහුදු තීරයේ රෝහින්ග්‍යා සරණාගතයින් රැගෙන ගිය බෝට්ටු දෙකක් අනතුරට ලක්වී ඇත.
  2. 02පෞද්ගලිකයින් 500කට වැඩි පිරිසක් අතුරුදන් වී සිටී.
  3. 03අයහපත් කාලගුණය සහ රළු මුහුදු රළ අසාර විරෝධය වේ.
  4. 04බෝට්ටු දෙකේ කුඩා දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් සිටී.
  5. 05ආරක්ෂිත මුහුදු ගමන් හේතුවෙන් සරණාගතයින් ජීවිත අවදානම් වලට මුහුණ දේ.
  6. 06නාවික සහ සහන අංශ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.
  7. 07අතුරුදන් වූ පිරිස අතරින් බොහෝ දෙනා මියගොස් ඇති බවට සැක පළ වන අතර.

මියන්මාර මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 500කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ, අනතුරට පත්වූ බෝට්ටුවල සිටියේ මියන්මාරයේ පවතින ගැටුම් සහ ආරක්ෂක අර්බුදවලින් පලා යමින් සිටි රෝහින්ග්‍යා සරණාගතයින් බවයි. මූලික තොරතුරු අනුව, අයහපත් කාලගුණික තත්ත්වය සහ රළු මුහුදු රළ මධ්‍යයේ බෝට්ටු යාත්‍රා කර ඇති අතර, ඒවායේ ධාරිතාව ඉක්මවා මගීන් රැගෙන යාමද අනතුරට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටු දෙකේම කුඩා දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු විශාල පිරිසක් සිට ඇති බවද වාර්තා වනවා. රෝහින්ග්‍යා ජනතාව වසර ගණනාවක් පුරා මියන්මාරයේ රඛයින් ප්‍රදේශයේ වාර්ගික හා ආගමික පීඩාවන්ට මුහුණ දෙන අතර, එම තත්ත්වයෙන් මිදීම සඳහා බොහෝ දෙනා මුහුදු මාර්ග ඔස්සේ අසල්වැසි රටවල් වෙත පලා යාමට උත්සාහ දරමින් සිටින බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර මානුෂීය සංවිධාන පෙන්වා දෙන්නේ, මෙවැනි අනාරක්ෂිත මුහුදු ගමන් හේතුවෙන් සෑම වසරකම සරණාගතයින් විශාල පිරිසක් ජීවිත අවදානමට මුහුණ දෙන බවයි. අතුරුදන් වූවන් සොයා නාවික සහ සහන අංශ මේ වන විට පුළුල් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, අයහපත් කාලගුණය හේතුවෙන් එම මෙහෙයුම්වලටද බාධා එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, අතුරුදන් වූ පිරිස අතරින් බොහෝ දෙනෙකු මියගොස් ඇති බවට සැක පළ වන අතර, ජීවිතක්ෂයට පත් වූවන්ගේ සංඛ්‍යාව ඉදිරි පැය කිහිපය තුළ තවත් ඉහළ යා හැකි බවයි.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/boat-accident-in-myanmar-waters-over-500-people-missing/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
මුහුදරෝහින්ග්‍යාඅනතුරුසරණාගතයින්මියන්මාර
BestWeb.lk Top Web 2026 June Qualified